Skip to content
QuranOlive

Juz 23 of 30 · 357 ayahs

وما ليPara 23: Wa Mali — Sinhala

Juz 23, known as Para 23 “Wa Mali” (وما لي), runs from Surah Ya-Sin 36:28 to Surah Az-Zumar 39:31. Read the full para online in Arabic with Sinhala translation and audio.

36:28

۞ وَمَآ أَنزَلْنَا عَلَىٰ قَوْمِهِۦ مِنۢ بَعْدِهِۦ مِن جُندٍۢ مِّنَ ٱلسَّمَآءِ وَمَا كُنَّا مُنزِلِينَ

එයට (ඔහුව ඝාතනය කළ) පසු ඔහුගේ ජනතාව (විනාශ කර දැමීමට ඔවුන්ට) අහසින් යම්කිසි සේනාවක් අපි පහළ කළේ නැත. එසේ පහළ කිරීමට අපට අවශ්‍යතාවයක් (ඇති වූවේද) නැත.

36:29

إِن كَانَتْ إِلَّا صَيْحَةًۭ وَٰحِدَةًۭ فَإِذَا هُمْ خَٰمِدُونَ

එකම එක ශබ්දයක්ම ඇති විය! එවෙලේම ඔවුන් (සියල්ලන්ම මිය ගොස් විනාශ වී සියල්ල) අළු බවට පත් වූහ.

36:30

يَٰحَسْرَةً عَلَى ٱلْعِبَادِ ۚ مَا يَأْتِيهِم مِّن رَّسُولٍ إِلَّا كَانُوا۟ بِهِۦ يَسْتَهْزِءُونَ

(අහෝ! මගේ වහලූනි! මගේ) වහලූන් ගැන වූ ශෝකයයි! ඔවුන් වෙත (අපගේ) කුමන දූතයෙකු පැමිණියා වුවද, ඔවුන් ඔහුව සමච්චල් නොකර සිටියේ නැත.

36:31

أَلَمْ يَرَوْا۟ كَمْ أَهْلَكْنَا قَبْلَهُم مِّنَ ٱلْقُرُونِ أَنَّهُمْ إِلَيْهِمْ لَا يَرْجِعُونَ

ඔවුන්ට පෙර කොපමණදෝ සමූහයන්ව අපි විනාශ කර දැමුවෙමු යන්න ඔවුන් අවධානය කර බැලූවේ නැද්ද? (විනාශ වී ගිය) ඔවුන්, නියත වශයෙන්ම ඔවුන් වෙත ආපසු එන්නේම නැත.

36:32

وَإِن كُلٌّۭ لَّمَّا جَمِيعٌۭ لَّدَيْنَا مُحْضَرُونَ

ඔවුන් සියල්ලන්ම අප වෙතම ඒකරාශී කර, ගෙන එනු ලබන්නෙහුය.

36:33

وَءَايَةٌۭ لَّهُمُ ٱلْأَرْضُ ٱلْمَيْتَةُ أَحْيَيْنَٰهَا وَأَخْرَجْنَا مِنْهَا حَبًّۭا فَمِنْهُ يَأْكُلُونَ

මරණයට පත් වී වැටී සිටින (ඔවුන් වාසය කළ) භූමියද මොවුන්ට එක් සාධකයක් වන්නේය. එය අපිම (වර්ෂාව මගින්) පණ දී එයින් ධාන්‍ය ඉකුත් කරන්නෙමු. එයින්ම මොවුන් අනුභව කරන්නාහ.

36:34

وَجَعَلْنَا فِيهَا جَنَّٰتٍۢ مِّن نَّخِيلٍۢ وَأَعْنَٰبٍۢ وَفَجَّرْنَا فِيهَا مِنَ ٱلْعُيُونِ

තවද එහි අපි ඉඳි, මිදි, උයන් වතු නිර්මාණය කර, එහි උල්පත් උතුරා දිය දහරා ගලා බසින්නට සලස්වන්නෙමු.

36:35

لِيَأْكُلُوا۟ مِن ثَمَرِهِۦ وَمَا عَمِلَتْهُ أَيْدِيهِمْ ۖ أَفَلَا يَشْكُرُونَ

මොවුන්ගේ අනුභවය ස`දහා ඒවායේ පලතුරු (වර්ග) යන් (අපි උත්පාදනය කරනවා මිස), ඔවුන්ගේ අත් මෙය කරන්නේ නැත. (මෙයට පවා) මොවුන් කෘතඥ වන්නේ නැද්ද?

36:36

سُبْحَٰنَ ٱلَّذِى خَلَقَ ٱلْأَزْوَٰجَ كُلَّهَا مِمَّا تُنۢبِتُ ٱلْأَرْضُ وَمِنْ أَنفُسِهِمْ وَمِمَّا لَا يَعْلَمُونَ

භූමිය වැඩෙන්නට සලස්වන (පැලෑටි, ගස් කොලන්) සියල්ලද, මොවුන්වද, ජෝඩු ජෝඩු වශයෙන් උත්පාදනය කර, මොවුන් (මේ දක්වා) නොදත් (අනිත්) දැයද, උත්පාදනය කරන්නා ඉතාමත් පරිශුද්ධවන්තයෙකි.

36:37

وَءَايَةٌۭ لَّهُمُ ٱلَّيْلُ نَسْلَخُ مِنْهُ ٱلنَّهَارَ فَإِذَا هُم مُّظْلِمُونَ

රාත්‍රියද මොවුන්ට එක් සාධකයකි. එයින්ම අපි දහවල ඉකුත් කරන්නෙමු. එසේ නොමැති නම් මොවුන් අන්ධකාරයෙහි ගිලී යනු ඇත.

36:38

وَٱلشَّمْسُ تَجْرِى لِمُسْتَقَرٍّۢ لَّهَا ۚ ذَٰلِكَ تَقْدِيرُ ٱلْعَزِيزِ ٱلْعَلِيمِ

තමන්ගේ සීමාව තුළ (නොවැරදී) ගමන් කරන සූර්යයාද, (එක් සාධකයකි).

36:39

وَٱلْقَمَرَ قَدَّرْنَٰهُ مَنَازِلَ حَتَّىٰ عَادَ كَٱلْعُرْجُونِ ٱلْقَدِيمِ

මේවා (සියල්ල) හොඳින් දන්නෙකු හා බලසම්පන්නයා විසින් නියම කරන ලද දැයයි. (වියළී නැවී ගිය) පරණ ඉඳි අත්තක් මෙන් (තිබී පූරණ සඳක් වශයෙන්) පත් වන තුරු, චන්ද්‍රයාට අපි හැඩරූ ගණනාවක් ඇති කර ඇත්තෙමු.

36:40

لَا ٱلشَّمْسُ يَنۢبَغِى لَهَآ أَن تُدْرِكَ ٱلْقَمَرَ وَلَا ٱلَّيْلُ سَابِقُ ٱلنَّهَارِ ۚ وَكُلٌّۭ فِى فَلَكٍۢ يَسْبَحُونَ

සූර්යයා චන්ද්‍රයාට ළඟා විය නොහැක. රාත්‍රිය දහවල පසු කරන්නට නොහැක. (මෙසේම ග්‍රහයන්ද, තාරකාවන්ද) සෑම එකක්ම (තමන්ගේ) සීමා වටයන් තුළ පිහිනා යන්නේය.

36:41

وَءَايَةٌۭ لَّهُمْ أَنَّا حَمَلْنَا ذُرِّيَّتَهُمْ فِى ٱلْفُلْكِ ٱلْمَشْحُونِ

නැව බොහොමයක් මිනිස් සංහතියන් ඔසවාගෙන යාමට අපි සැලැස්වීමද නියත වශයෙන්ම ඔවුන්ට එක් සාධකයක් වන්නේය.

36:42

وَخَلَقْنَا لَهُم مِّن مِّثْلِهِۦ مَا يَرْكَبُونَ

ඔවුන් නැග යාමට එවැනි (රුවල් නැව් ආදී) දැයද අපි ඔවුන් වෙනුවෙන් උත්පාදනය කර ඇත්තෙමු.

36:43

وَإِن نَّشَأْ نُغْرِقْهُمْ فَلَا صَرِيخَ لَهُمْ وَلَا هُمْ يُنقَذُونَ

අපි කැමති වුවහොත් ඔවුන්ව (මුහුදෙහි) ගිල්වා දමන්නෙමු. ඒ අතර (ආරක්ෂාව පතා ශබ්ද නගන) ඔවුන්ව බේරා ගැනීමට කිසිවෙකුත් නොසිටිනු ඇත. ඔවුන්ව බේරා ගනු නොලබන්නාහ.

36:44

إِلَّا رَحْمَةًۭ مِّنَّا وَمَتَٰعًا إِلَىٰ حِينٍۢ

(එහෙත්) අපගේ දයාවෙන් ටික කලක් ඔවුන්ට සැප සම්පත් විඳින්නට (අත්හැර දැමුවොත් මිස);

36:45

وَإِذَا قِيلَ لَهُمُ ٱتَّقُوا۟ مَا بَيْنَ أَيْدِيكُمْ وَمَا خَلْفَكُمْ لَعَلَّكُمْ تُرْحَمُونَ

“(දෙවියන්ගේ) කරුණාව, දයාව ඔබ අත් කර ගැනීමට ඔබ පසුපසින්ද, ඔබ ඉදිරියෙන්ද ඇති දැය (වන මෙලොව, පරලොව දඬුවම්) වලට ඔබ බිය වනු” යයි ඔවුන්ට කියනු ලැබුවහොත් (එය ඔවුන් ගණන් ගන්නේ නැත).

36:46

وَمَا تَأْتِيهِم مِّنْ ءَايَةٍۢ مِّنْ ءَايَٰتِ رَبِّهِمْ إِلَّا كَانُوا۟ عَنْهَا مُعْرِضِينَ

තවද ඔවුන්ගේ දෙවියන්ගේ සාධකයන්ගෙන් කුමන සාධකයක් ඔවුන් වෙත පැමිණියා වුවද, එය ඔවුන් ප්‍රතික්ෂේප නොකර සිටින්නේ නැත.

36:47

وَإِذَا قِيلَ لَهُمْ أَنفِقُوا۟ مِمَّا رَزَقَكُمُ ٱللَّهُ قَالَ ٱلَّذِينَ كَفَرُوا۟ لِلَّذِينَ ءَامَنُوٓا۟ أَنُطْعِمُ مَن لَّوْ يَشَآءُ ٱللَّهُ أَطْعَمَهُۥٓ إِنْ أَنتُمْ إِلَّا فِى ضَلَٰلٍۢ مُّبِينٍۢ

“අල්ලාහ් ඔබට ලබා දුන් දැයෙන් (දුප්පතුන්ට) දානමාන කරනු” යයි ඔවුන්ට කියනු ලැබුවහොත් “අල්ලාහ් අදහස් කළහොත් ඔහුම ආහාර ලබා දිය යුතු අයට අපට ආහාර දිය හැකිද? ඔබ ප්‍රකට දුර්මාර්ගයෙහි මිස, වෙන කිසිවක් නැත” යයි විශ්වාසවන්තයින්ට මෙම ප්‍රතික්ෂේප කරන්නන් (සමච්චලයෙන්) පවසන්නාහ.

36:48

وَيَقُولُونَ مَتَىٰ هَٰذَا ٱلْوَعْدُ إِن كُنتُمْ صَٰدِقِينَ

තවද “ඇත්තෙන්ම ඔබ ඇත්ත කියන්නන් වශයෙන් සිටින්නෙහු නම්, (අපට ඒවි යයි ඔබ පවසන දඬුවම ගැන) එම පොරොන්දුව කවදා නම් එන්නේද?” යයිද (සමච්චලයෙන්) විමසන්නාහ.

36:49

مَا يَنظُرُونَ إِلَّا صَيْحَةًۭ وَٰحِدَةًۭ تَأْخُذُهُمْ وَهُمْ يَخِصِّمُونَ

එකම එක ශබ්දයකට මිස, (වෙන කිසිවක් ගැන) ඔවුන් බලාපොරොත්තුවෙන් සිටියේ නැත! (මේ ගැන සමච්චලයෙන්) ඔවුන් තර්ක කරමින් සිටින විටදීම (එය) ඔවුන්ව අල්ලා ගනු ඇත.

36:50

فَلَا يَسْتَطِيعُونَ تَوْصِيَةًۭ وَلَآ إِلَىٰٓ أَهْلِهِمْ يَرْجِعُونَ

ඒ අවස්ථාවේදී ඔවුන් අන්තිම කැමැත්ත කීමට හෝ නැතහොත් තමන්ගේ පවුලේ උදවිය වෙත යන්නට හෝ නොහැකි වනු ඇත. (ඒ අතර විනාශ වී යනු ඇත).

36:51

وَنُفِخَ فِى ٱلصُّورِ فَإِذَا هُم مِّنَ ٱلْأَجْدَاثِ إِلَىٰ رَبِّهِمْ يَنسِلُونَ

(අනිත් වතාවේදී කවදා) සූර් (නමැති හොරණෑව) පිඹිනු ලබන්නේද, එවෙලේම ඔවුන් සොහොන් වලින් ඉකුත් වී තමන්ගේ දෙවියන් වෙත (ඉතාමත්) වේගයෙන් දිව එන්නාහ.

36:52

قَالُوا۟ يَٰوَيْلَنَا مَنۢ بَعَثَنَا مِن مَّرْقَدِنَا ۜ ۗ هَٰذَا مَا وَعَدَ ٱلرَّحْمَٰنُ وَصَدَقَ ٱلْمُرْسَلُونَ

(තවද) “අපගේ ශෝකයයි! අපව, අපගේ (සොහොන් වන) නිදන ස්ථානයන්ගෙන් නැගිට්ටෙව්වේ කවරෙක්ද?”යි විමසනු ඇත. (එයට මලායිකාවරුන් ඔවුන්ට) “රහ්මාන් (ඔබට) දුන් පොරොන්දුවද, නබිවරුන් (ඔබට) සත්‍යය යයි ගෙනහැර දැක්වූවේද මෙයයි” (යයි පවසන්නාහ).

36:53

إِن كَانَتْ إِلَّا صَيْحَةًۭ وَٰحِدَةًۭ فَإِذَا هُمْ جَمِيعٌۭ لَّدَيْنَا مُحْضَرُونَ

එය එකම එක ශබ්දයක් මිස, (වෙන කිසිවක්) නොතිඛෙණු ඇත. ඒ අතර ඔවුන් සියල්ලන්ම අප වෙත ඒකරාශී කර, ගෙන එනු ලබන්නාහ.

36:54

فَٱلْيَوْمَ لَا تُظْلَمُ نَفْسٌۭ شَيْـًۭٔا وَلَا تُجْزَوْنَ إِلَّا مَا كُنتُمْ تَعْمَلُونَ

තවද එදිනදී කිසිම ආත්මයකට (එයගේ පින් අඩු කර හෝ පාපය වැඩි කර හෝ) කිසිම අපරාධයක් කරනු නොලබන්නාහ. ඔබ කළ දැය මිස, ඔබට ඵලවිපාක දෙනු නොලැබේ.

36:55

إِنَّ أَصْحَٰبَ ٱلْجَنَّةِ ٱلْيَوْمَ فِى شُغُلٍۢ فَٰكِهُونَ

එදිනදී නියත වශයෙන්ම ස්වර්ගවාසීන් සතුටින් පිරී ඉතිරී සිටින්නාහ.

36:56

هُمْ وَأَزْوَٰجُهُمْ فِى ظِلَٰلٍ عَلَى ٱلْأَرَآئِكِ مُتَّكِـُٔونَ

ඔවුන්ද, ඔවුන්ගේ භාර්යයාවන්ද, සෙවනෙහි ඇති යහනාවන්හි (ඉතාමත් සතුටින්) හාන්සි වී (වාඩි වී) සිටින්නාහ.

36:57

لَهُمْ فِيهَا فَٰكِهَةٌۭ وَلَهُم مَّا يَدَّعُونَ

එහි ඔවුන්ට (විවිධ) පලතුරු වර්ග සමග ඔවුන් ඉල්ලන සියල්ල ලැඛෙනු ඇත.

36:58

سَلَٰمٌۭ قَوْلًۭا مِّن رَّبٍّۢ رَّحِيمٍۢ

(ඔවුන්ට) අසමසම අනුකම්පාවෙන් යුතු දෙවියන් විසින් “ශාන්තිය හා සමාදානය අත් වේවා!” යයි කියනු ලැබේ.

36:59

وَٱمْتَٰزُوا۟ ٱلْيَوْمَ أَيُّهَا ٱلْمُجْرِمُونَ

(අනිත් පාපතරයන්ට) “වැරදිකරුවනි! අද දින ඔබ (හොඳ අයගෙන්) වෙන් වී සිටිනු” (යයි කියනු ලැබේ).

36:60

۞ أَلَمْ أَعْهَدْ إِلَيْكُمْ يَٰبَنِىٓ ءَادَمَ أَن لَّا تَعْبُدُوا۟ ٱلشَّيْطَٰنَ ۖ إِنَّهُۥ لَكُمْ عَدُوٌّۭ مُّبِينٌۭ

“ආදම්ගේ පරම්පරාවේ දරුවෙනි! ඔබ ෂෙයිතාන්ව නොනැමදිය යුතුය. නියත වශයෙන්ම ඔහු ඔබට ප්‍රකට සතුරෙකි යයි මා ඔබ වෙතින් ස්ථීර වූ පොරොන්දුවක් ලබා ගත්තේ නැද්ද?”

36:61

وَأَنِ ٱعْبُدُونِى ۚ هَٰذَا صِرَٰطٌۭ مُّسْتَقِيمٌۭ

“ඔබ මාවම නැමදිය යුතුය. මෙයයි ඍජු මාර්ගය’(යයිද මා ඔබ වෙතින් ස්ථීර වූ පොරෙරොන්දුවක් ලබා ගත්තේ නැද්ද?)”

36:62

وَلَقَدْ أَضَلَّ مِنكُمْ جِبِلًّۭا كَثِيرًا ۖ أَفَلَمْ تَكُونُوا۟ تَعْقِلُونَ

“(එසේ තිබියදී) ඔහු ඔබගෙන් විශාල සංඛ්‍යාවක්, නියත වශයෙන්ම මාර්ගය වැරද යැව්වේය. මෙය ඔබ දැන ගත්තේ නැද්ද?”

36:63

هَٰذِهِۦ جَهَنَّمُ ٱلَّتِى كُنتُمْ تُوعَدُونَ

“ඔබට පොරොන්දු දෙන ලද නිරය මෙයයි”

36:64

ٱصْلَوْهَا ٱلْيَوْمَ بِمَا كُنتُمْ تَكْفُرُونَ

“(මෙය) ඔබ ප්‍රතික්ෂේප කරමින් සිටි හේතුවෙන් අද දින මෙහි ඔබ ඇතුළු වනු” (යයිද පවසන්නෙමු).

36:65

ٱلْيَوْمَ نَخْتِمُ عَلَىٰٓ أَفْوَٰهِهِمْ وَتُكَلِّمُنَآ أَيْدِيهِمْ وَتَشْهَدُ أَرْجُلُهُم بِمَا كَانُوا۟ يَكْسِبُونَ

එදින අපි ඔවුන්ගේ කටෙහි මුද්‍රා තබා හරින්නෙමු. ඔවුන්ගේ අත් අප වෙත කතා කරනු ඇත. ඔවුන් කරමින් සිටි (පාපතර) කාරණාවන් ගැන ඔවුන්ගේ කකුල්ද සාක්ෂි කියනු ඇත.

36:66

وَلَوْ نَشَآءُ لَطَمَسْنَا عَلَىٰٓ أَعْيُنِهِمْ فَٱسْتَبَقُوا۟ ٱلصِّرَٰطَ فَأَنَّىٰ يُبْصِرُونَ

අපි අදහස් කර තිබුණේ නම් ඔවුන්ගේ ඇස් පෙනීම නැති කර ඇත්තෙමු. (ඒ අතර ඔවුන් බේරී යාමට) මාර්ගයක් සොයා දුවන්නේ නම්, කුමක් නම් බැලිය හැකිද?

36:67

وَلَوْ نَشَآءُ لَمَسَخْنَٰهُمْ عَلَىٰ مَكَانَتِهِمْ فَمَا ٱسْتَطَٰعُوا۟ مُضِيًّۭا وَلَا يَرْجِعُونَ

අපි අදහස් කර තිබුණේ නම්, ඔවුන්ගේ රුව වෙනස් කර, ඔවුන් සිටි ස්ථානයේම සිටින සේ (ගලක් වශයෙන් හෝ නොන්ඩියෙක් වශයෙන් හෝ) කර ඇත්තෙමු. ඒ අතර ඔවුන් විසින් ඉදිරියට යාමටද නොහැකි වන්නට ඉඩ තිබුණි. පසුපසට යාමටද ඉඩ නොතිබිණි.

36:68

وَمَن نُّعَمِّرْهُ نُنَكِّسْهُ فِى ٱلْخَلْقِ ۖ أَفَلَا يَعْقِلُونَ

අපි කවුරුන්ට හෝ දීර්ඝ ජීවිතයක් ලබා දුන්නේ නම්, ඔහුගේ තත්වය උඩ යටිකුරු කර, (කුඩා දරුවෙකු මෙන් පත් කර) හරින්නෙමි. (මෙය) ඔවුන් දැන ගත යුතු නොවේද?

36:69

وَمَا عَلَّمْنَٰهُ ٱلشِّعْرَ وَمَا يَنۢبَغِى لَهُۥٓ ۚ إِنْ هُوَ إِلَّا ذِكْرٌۭ وَقُرْءَانٌۭ مُّبِينٌۭ

(අපගේ දූතයා වන) ඔහුට අපි කවි (නිර්මාණය කිරීමට) ඉගැන්වූවේ නැත. එය ඔහුට සුදුසු දැයක්ද නොව. මෙය හොඳ ඔවදන්ද (හොඳ, නරක) පැහැදිලි කර දිය හැකි කුර්ආනයක්ම මිස, වෙන කිසිවක් නොව.

36:70

لِّيُنذِرَ مَن كَانَ حَيًّۭا وَيَحِقَّ ٱلْقَوْلُ عَلَى ٱلْكَٰفِرِينَ

(තවද මෙය) පණ පිටින් සිටින්නන්ට බිය ගන්වා අනතුරු අඟවා, (මරණයට පත් වූවන් මෙන්) ප්‍රතික්ෂේප කරන්නන් වෙත (දඬුවම ගැන වූ) පොරොන්දුව ස්ථීර කරන්නේය.

36:71

أَوَلَمْ يَرَوْا۟ أَنَّا خَلَقْنَا لَهُم مِّمَّا عَمِلَتْ أَيْدِينَآ أَنْعَٰمًۭا فَهُمْ لَهَا مَٰلِكُونَ

අපගේ අතින්ම නිර්මාණය කළ දැයෙන් ඔවුන් අයිතිවාසිකම් දැරිය හැකි (එළු, ගව, ඔටුවන් වැනි) සතුන්ද ඔවුන් වෙනුවෙන් අපිම උත්පාදනය කළෙමු යන්න ඔවුන් දුටුවේ නැද්ද?

36:72

وَذَلَّلْنَٰهَا لَهُمْ فَمِنْهَا رَكُوبُهُمْ وَمِنْهَا يَأْكُلُونَ

ඒවා ඔවුන්ට යටත් පහත් වන සේ අපි පත් කළෙමු. ඒවායෙන් ඔවුන් (වාහන වශයෙන්) නැග ගත හැකි දැයද ඇත්තේය. ඔවුන් ආහාරයට ගත හැකි දැයද ඒවායේ ඇත්තේය.

36:73

وَلَهُمْ فِيهَا مَنَٰفِعُ وَمَشَارِبُ ۖ أَفَلَا يَشْكُرُونَ

ඔවුන්ට පානය කළ හැකි (කිරි වැනි) දැයද, තවත් බොහෝ ප්‍රයෝජනයන්ද ඒවායෙන් ඇත්තේය. (මේවා සියල්ලට) ඔවුන් කෘතඥ විය යුතු නොවේද?

36:74

وَٱتَّخَذُوا۟ مِن دُونِ ٱللَّهِ ءَالِهَةًۭ لَّعَلَّهُمْ يُنصَرُونَ

එහෙත් අල්ලාහ් නොවන දැයෙන්ම තමන්ට උදව් ලැබේවි යයි ඒවා ඔවුන් දෙවිවරුන් වශයෙන් බාර ගන්නාහ.

36:75

لَا يَسْتَطِيعُونَ نَصْرَهُمْ وَهُمْ لَهُمْ جُندٌۭ مُّحْضَرُونَ

ඒවා විසින් ඔවුන්ට උදව් කළ නොහැක. එහෙත් ඒවා මොවුන්ට (එරෙහිව) සේනාවක් වශයෙන් ගෙන එනු ලැබේ.

36:76

فَلَا يَحْزُنكَ قَوْلُهُمْ ۘ إِنَّا نَعْلَمُ مَا يُسِرُّونَ وَمَا يُعْلِنُونَ

(නබියේ! ඔබ ගැන ‘ඔබ බොරුකාරයෙකි’ යයිද) ඔවුන්ගේ කියමන ඔබව කණගාටුවට ලක් කළ යුතු නැත. නියත වශයෙන්ම අපි ඔවුන් (තමන්ගේ මනසෙහි) සඟවා ගන්නා දැයද, (ඊට වෙනස්ව තමන්ගේ මුවින්) ඔවුන් එළිදරව් කරන දැයද හොඳින් දන්නෙමු.

36:77

أَوَلَمْ يَرَ ٱلْإِنسَٰنُ أَنَّا خَلَقْنَٰهُ مِن نُّطْفَةٍۢ فَإِذَا هُوَ خَصِيمٌۭ مُّبِينٌۭ

නියත වශයෙන්ම අපි මිනිසාව එක් ඉනිද්‍රිය බිඳකින් උත්පාදනය කළෙමු යන්න ඔවුන් අවධානය කළේ නැද්ද? එසේ තිබියදී ඔහු ප්‍රකට සතුරෙකු බවට පත් වී (අපට වෙනස්කම් කිරීමට ඉදිරිපත්) වන්නේය.

36:78

وَضَرَبَ لَنَا مَثَلًۭا وَنَسِىَ خَلْقَهُۥ ۖ قَالَ مَن يُحْىِ ٱلْعِظَٰمَ وَهِىَ رَمِيمٌۭ

ඔහු තමන්ගේ උත්පාදනය (තමන්ව කෙසේ නිර්මාණය කරනු ලැබුවේද) යන්න අමතක කර දමා, එක් උදාහරණයක් අප වෙත ගෙනහැර දක්වන්නේය. “දිරා පත්ව පස් බවට පත් වූ (මෙම) ඇටසැකිළ්ලට පණ දෙන්නේ කවරෙක්ද?”යි ඔහු විමසනුනේය.

36:79

قُلْ يُحْيِيهَا ٱلَّذِىٓ أَنشَأَهَآ أَوَّلَ مَرَّةٍۢ ۖ وَهُوَ بِكُلِّ خَلْقٍ عَلِيمٌ

(නබියේ! එයට) ඔබ මෙසේ පවසනු: “පළමු වරට එය උත්පාදනය කළේ කවරෙක්ද, ඔහුම මෙයටද පණ දෙන්නේය. ඔහු නම් සියලූ ආකාරයටම උත්පාදනය කිරීමට ඉතාමත් දන්නෙකි.

36:80

ٱلَّذِى جَعَلَ لَكُم مِّنَ ٱلشَّجَرِ ٱلْأَخْضَرِ نَارًۭا فَإِذَآ أَنتُم مِّنْهُ تُوقِدُونَ

“අමු ගසකින් ඔබට ගින්දර නිපදවන්නාද ඔහුය. පසුව එමගින් ඔබ (ඔබට අවශ්‍යය ගින්දර) මොළවා ගන්නෙහුය”.

36:81

أَوَلَيْسَ ٱلَّذِى خَلَقَ ٱلسَّمَٰوَٰتِ وَٱلْأَرْضَ بِقَٰدِرٍ عَلَىٰٓ أَن يَخْلُقَ مِثْلَهُم ۚ بَلَىٰ وَهُوَ ٱلْخَلَّٰقُ ٱلْعَلِيمُ

“අහස්ද භූමියද උත්පාදනය කළ අය, ඔවුන් වැනි අයව උත්පාදනය කිරීමට ශක්තියක් නොමැත්තෙකුද? එසේය! නියත වශයෙන්ම ඔහුම (සියලූ ආකාරයෙන්ම) උත්පාදනය කිරීමට හොඳින් දන්නෙකි”.

36:82

إِنَّمَآ أَمْرُهُۥٓ إِذَآ أَرَادَ شَيْـًٔا أَن يَقُولَ لَهُۥ كُن فَيَكُونُ

කිමෙක්ද! ඔහුගේ බලසම්පන්නකමද! ඔහු යම්කිසි වස්තුවක් (උත්පාදනය කිරීමට) අදහස් කළහොත් ඔහු අණ කරන්නේ, “වනු!” යයි පැවසීම පමණකි. (එපමණයි ප්‍රමාදය). එවෙලේම එය සිදු වන්නේය.

36:83

فَسُبْحَٰنَ ٱلَّذِى بِيَدِهِۦ مَلَكُوتُ كُلِّ شَىْءٍۢ وَإِلَيْهِ تُرْجَعُونَ

සියල්ලෙහි බලය කවුරුන් අත ඇත්තේද, ඔහු ඉතාමත් පරිශුද්ධවන්තයෙකි. ඔහු වෙතම ආපසු ගෙන එනු ලබන්නෙහුය.

37:1

وَٱلصَّٰٓفَّٰتِ صَفًّۭا

පෙළ ගැසී සිටින්නන් මත සත්තකින්ම!

37:2

فَٱلزَّٰجِرَٰتِ زَجْرًۭا

(නපුර) ඉතා දැඩි ලෙස එළවාගෙන යන්නන් මත සත්තකින්ම!

37:3

فَٱلتَّٰلِيَٰتِ ذِكْرًا

(දෙවියන්ගේ) ධර්මය සමුදීරණය කරන්නන් මත සත්තකින්ම!

37:4

إِنَّ إِلَٰهَكُمْ لَوَٰحِدٌۭ

නියත වශයෙන්ම ඔබගේ දෙවියන් එකම එක්කෙනෙකි.

37:5

رَّبُّ ٱلسَّمَٰوَٰتِ وَٱلْأَرْضِ وَمَا بَيْنَهُمَا وَرَبُّ ٱلْمَشَٰرِقِ

අහස්ද, භූමියද, ඒවා මධ්‍යයෙහි ඇති දැයද උත්පාදනය කර, පෝෂණය කරන්නා, පහත දිසා (වන් හා ඉහළ දිසා) වන්හි දෙවියන්ය.

37:6

إِنَّا زَيَّنَّا ٱلسَّمَآءَ ٱلدُّنْيَا بِزِينَةٍ ٱلْكَوَاكِبِ

නියත වශයෙන්ම ඔබගේ (දෙවියන් වන) අපි (මෙම භූමියට ඉතාමත් ළඟින්) පහතින් ඇති අහසෙහි බැබළෙන තාරකාවන් මගින් අලංකාරවත් කර තබා ඇත්තෙමු.

37:7

وَحِفْظًۭا مِّن كُلِّ شَيْطَٰنٍۢ مَّارِدٍۢ

(එය අලංකාරවත් ලෙස තිඛෙණ අතර) නපුරන් වන සියලූම ෂෙයිතාන්වරුන්ටද බාධකයක් වශයෙන්ද (ඇත්තේය).

37:8

لَّا يَسَّمَّعُونَ إِلَى ٱلْمَلَإِ ٱلْأَعْلَىٰ وَيُقْذَفُونَ مِن كُلِّ جَانِبٍۢ

ශ්‍රේෂ්ඨ (උත්තරීතර ඉහළ සභාවේ) වදන් (ෂෙයිතාන්වරුන්ට) සවන් දීමට නොහැක.

37:9

دُحُورًۭا ۖ وَلَهُمْ عَذَابٌۭ وَاصِبٌ

(මන්දයත් එයට ළඟා වන සෑම කෙනෙකුටම) විවිධ දිශාවන්ගෙන් (ගින්නෙන්) පහර දෙනු ලැබ, එළවා දමනු ලබන්නාහ. ඔවුන්ට ස්ථීර වූ දඬුවම් ඇත.

37:10

إِلَّا مَنْ خَطِفَ ٱلْخَطْفَةَ فَأَتْبَعَهُۥ شِهَابٌۭ ثَاقِبٌۭ

(යම්කිසි විදිහකින් වැරදීමකින් හෝ යම් වදනක්) හොරෙන් ඇසීමට ළං වුවහොත් එවෙලේම ඔහුව ගිණි පුපුරු වීසි වන ගින්න මගින් එළවනු ලැබේ.

37:11

فَٱسْتَفْتِهِمْ أَهُمْ أَشَدُّ خَلْقًا أَم مَّنْ خَلَقْنَآ ۚ إِنَّا خَلَقْنَٰهُم مِّن طِينٍۢ لَّازِبٍۭ

(නබියේ!) උත්පාදනයන්ගෙන් ඉතාමත් ශක්තිවන්තයින් ඔවුන්ද? නැතහොත් අපි උත්පාදනය කර ඇති දැය (වන අහස්, භූමිය, තාරකාවන් ආදී) දැයද? (යයි ප්‍රතික්ෂේප කරන්නන් වන) මොවුන්ගෙන් විමසනු. නියත වශයෙන්ම අපි ඔවුන්ව (ලැජ්ජයි) ඇලෙන සුළු කිරිමැටියෙන්ම උත්පාදනය කර ඇත්තෙමු.

37:12

بَلْ عَجِبْتَ وَيَسْخَرُونَ

(නබියේ!) ඔබ (අල්ලාහ්ගේ ප්‍රාතිහාර්යයන් දැක) විමතියට පත් වන්නෙහිය. ඔවුන් නම්, (එය) සමච්චල් කරන්නෙහුය!

37:13

وَإِذَا ذُكِّرُوا۟ لَا يَذْكُرُونَ

තවද ඔවුන්ට හොඳ ඔවදන් පවසනු ලැබූවා වුවද, එය ඔවුන් අවධානය කරන්නේ නැත.

37:14

وَإِذَا رَأَوْا۟ ءَايَةًۭ يَسْتَسْخِرُونَ

කුමන සාධකයක් දුටුවා වුවද, ඔවුන් සමච්චල් කරන්නාහ.

37:15

وَقَالُوٓا۟ إِنْ هَٰذَآ إِلَّا سِحْرٌۭ مُّبِينٌ

තවද “මෙය ප්‍රකට සූනියමක් මිස, වෙන කිසිවක් නැත” යයිද පවසන්නාහ.

37:16

أَءِذَا مِتْنَا وَكُنَّا تُرَابًۭا وَعِظَٰمًا أَءِنَّا لَمَبْعُوثُونَ

“අපි මරණයට පත් වී (දිරා ගොස්) පස් බවටද, ඇට බවටද පත් වූ පසු, ඇත්තෙන්ම අපි නැගිටිටවනු ලබන්නෙමුද?” (යයිද)

37:17

أَوَءَابَآؤُنَا ٱلْأَوَّلُونَ

“(එසේම) අපගේ මුතුන් මිත්තන්ද නැගිටවනු ලබන්නෙහුද?” යයිද- (සමච්චලයෙන් පවසන්නාහ).

37:18

قُلْ نَعَمْ وَأَنتُمْ دَٰخِرُونَ

එයට (නබියේ!) ඔබ මෙසේ පවසනු: “ඇත්තය. (නැගිටවනු ලබන්නෙහුය). ඒ අතර ඔබ දීනවූ අය බවටද සිටින්නෙහුය”

37:19

فَإِنَّمَا هِىَ زَجْرَةٌۭ وَٰحِدَةٌۭ فَإِذَا هُمْ يَنظُرُونَ

එකම එක තිගැස්සෙන සුළු ශබ්දයක් පමණක්ම (ඇති වනු ඇත). එවෙලේම ඔවුන් (නැගිට අන්ද මන්ද වී) ඇහැරෙන්නාහ.

37:20

وَقَالُوا۟ يَٰوَيْلَنَا هَٰذَا يَوْمُ ٱلدِّينِ

“අපි ඇසුවෙමු! මෙය ඵලවිපාක දෙන දවස වූවා නොවෙද!” යයිද ඔවුන් පවසනු ඇත.

37:21

هَٰذَا يَوْمُ ٱلْفَصْلِ ٱلَّذِى كُنتُم بِهِۦ تُكَذِّبُونَ

(එයට ඔවුන්ට) “ඔබ බොරු කරමින් සිටි විනිශ්චය දිනය අදයි” (යයි කියනු ලැබේ).

37:22

۞ ٱحْشُرُوا۟ ٱلَّذِينَ ظَلَمُوا۟ وَأَزْوَٰجَهُمْ وَمَا كَانُوا۟ يَعْبُدُونَ

“අපරාධ කළ අයවද, ඔවුන්ගේ සහකාරියන්වද;

37:23

مِن دُونِ ٱللَّهِ فَٱهْدُوهُمْ إِلَىٰ صِرَٰطِ ٱلْجَحِيمِ

- අල්ලාහ් හැර ඔවුන් නමදිමින් සිටි දැයද, ඒකරාශී කර, ඔවුන්ව නිරයේ මාර්ගයෙහි ඇදගෙන යනු” (යයිද)

37:24

وَقِفُوهُمْ ۖ إِنَّهُم مَّسْـُٔولُونَ

“(එහි) ඔවුන්ව නවතා තබනු. නියත වශයෙන්ම ඔවුන්ගෙන් (ප්‍රශ්න ගණනය) කරනු ලැබිය යුතුව ඇත්තේය” (යයිද කියනු ලැබේ).

37:25

مَا لَكُمْ لَا تَنَاصَرُونَ

“ඔබට කුමක් සිදු වූයේද? (ලොවෙහි ඔබ කෙනෙකුට කෙනෙකු උදව් කරමින් සිටි අන්දමට මෙහිදී) ඔබ කුමක් නිසා කෙනෙකුට කෙනෙකු උදව් කර නොගත්තේද?” (යයිද විමසනු ලැබේ).

37:26

بَلْ هُمُ ٱلْيَوْمَ مُسْتَسْلِمُونَ

එහෙත් එදින ඔවුන්ගේ හිස බිමට නවා ගත් අය වශයෙන්ම සිටිනු ඇත.

37:27

وَأَقْبَلَ بَعْضُهُمْ عَلَىٰ بَعْضٍۢ يَتَسَآءَلُونَ

ඔවුන්ගෙන් කෙනෙකු අනිත් කෙනා සමග තර්ක කිරීමට ඉදිරිපත් වී

37:28

قَالُوٓا۟ إِنَّكُمْ كُنتُمْ تَأْتُونَنَا عَنِ ٱلْيَمِينِ

(සමහරෙක් තමන්ගේ ප්‍රධානීන්ට) “නියත වශයෙන්ම ඔබ අප වෙත බලෙන්ම පැමිණ, (ඔබට අවනත වන මෙන් අපට බල) කළෙහුය” යයි පවසනු ඇත.

37:29

قَالُوا۟ بَل لَّمْ تَكُونُوا۟ مُؤْمِنِينَ

එයට ඔවුන් (එම ප්‍රධානීන්) එසේ නොව. (අපි ඔබව වළක්වා ගත්තේ නැත). ඔබම විශ්වාස කළේ නැත.

37:30

وَمَا كَانَ لَنَا عَلَيْكُم مِّن سُلْطَٰنٍۭ ۖ بَلْ كُنتُمْ قَوْمًۭا طَٰغِينَ

“අපට ඔබ කෙරෙහි කිසිම බලයක් තිබුනේ නැත. එහෙත් ඔබම අපරාධ කරන ජනතාවක් බවට සිටියෙහුය”.

37:31

فَحَقَّ عَلَيْنَا قَوْلُ رَبِّنَآ ۖ إِنَّا لَذَآئِقُونَ

“එබැවින් (දඬුවම ගැන වූ) අපගේ දෙවියන්ගේ පොරොන්දුව සත්‍යය කර හැරියේය. නියත වශයෙන්ම අපි (සියල්ලන්ම දඬුවම) විඳිය යුතු අයයි”.

37:32

فَأَغْوَيْنَٰكُمْ إِنَّا كُنَّا غَٰوِينَ

“(එසේය!) ඔබව අපි මාර්ගය වැරද යාමට සැලැස්සුවෙමු. මන්දයත් නියත වශයෙන්ම අපිත් දුර්මාර්ගයෙහිම සිටියෙමු” යයි පවසනු ඇත.

37:33

فَإِنَّهُمْ يَوْمَئِذٍۢ فِى ٱلْعَذَابِ مُشْتَرِكُونَ

එබැවින් නියත වශයෙන්ම ඔවුන් (සියල්ලන්ම) එදින දඬුවමේ හවුල්කරුවන් වශයෙන් සිටිනු ඇත.

37:34

إِنَّا كَذَٰلِكَ نَفْعَلُ بِٱلْمُجْرِمِينَ

නියත වශයෙන්ම අපි වැරදිකරුවන්ව මේ අන්දමටම කටයුතු කරවන්නෙමු.

37:35

إِنَّهُمْ كَانُوٓا۟ إِذَا قِيلَ لَهُمْ لَآ إِلَٰهَ إِلَّا ٱللَّهُ يَسْتَكْبِرُونَ

”අල්ලාහ් හැර, (ඔබට) වෙන කිසිම හිමියෙකු නැත! (ඔහුවම ඔබ නමදිනු)” යයි ඔවුන්ට පවසනු ලැබුවහොත්; නියත වශයෙන්ම ඔවුන් උඞඟූ වී-

37:36

وَيَقُولُونَ أَئِنَّا لَتَارِكُوٓا۟ ءَالِهَتِنَا لِشَاعِرٍۢ مَّجْنُونٍۭ

“කිමෙක්ද! අපි පිස්සු හැදුනු කවියෙකු වෙනුවෙන් ඇත්තෙන්ම අපගේ දෙවිවරුන්ව අපි අත්හැර දමන්නෙමුද?”යි ඔවුන් පවසන්නාහ.

37:37

بَلْ جَآءَ بِٱلْحَقِّ وَصَدَّقَ ٱلْمُرْسَلِينَ

“(ඔහු පිස්සෙකු) නොව. ඔහු සත්‍යයම ගෙන ආවේය. (තමන්ට පෙර පැමිණි) නබිවරුන්වද, ඔහු සත්‍ය කර තැබුවේය.

37:38

إِنَّكُمْ لَذَآئِقُوا۟ ٱلْعَذَابِ ٱلْأَلِيمِ

(මේ සියල්ල ඔබ බොරු කර හැරියෙහුය. එබැවින්) නියත වශයෙන්ම ඔබ වේදනා ගෙන දෙන දඬුවම ම විඳිය යුතුව ඇත්තේය”.

37:39

وَمَا تُجْزَوْنَ إِلَّا مَا كُنتُمْ تَعْمَلُونَ

“ඔබ කරමින් සිටි දැයට මිස, ඔබට ඵලවිපාක දෙනු ලැබුවේ නැත” (යයිද කියනු ලැබේ).

37:40

إِلَّا عِبَادَ ٱللَّهِ ٱلْمُخْلَصِينَ

නමුත් කළවම් නොවුන හොඳ හිත ඇති අල්ලාහ්ගේ වහලූන් නම්,

37:41

أُو۟لَٰٓئِكَ لَهُمْ رِزْقٌۭ مَّعْلُومٌۭ

ඔවුන්ට (උසස් වූ) ආහාරයක් පිළියෙල කරනු ලැබ ඇත්තේය.

37:42

فَوَٰكِهُ ۖ وَهُم مُّكْرَمُونَ

එය (ඉතාමත් රසවත්) පලතුරු වර්ගයි. තවද ඔවුන්වම ගෞරව කරනු ලබන්නාහ.

37:43

فِى جَنَّٰتِ ٱلنَّعِيمِ

සැපත ලබා දෙන ස්වර්ගයන්හි (ඇති) සිංහාසණයන්හි;

37:44

عَلَىٰ سُرُرٍۢ مُّتَقَٰبِلِينَ

කෙනෙකු අනිත් කෙනාට මුහුණ ලා වාඩි වී (ඉතාමත් සතුටු සාමීචියේ යෙදී) සිටින්නාහ.

37:45

يُطَافُ عَلَيْهِم بِكَأْسٍۢ مِّن مَّعِينٍۭ

(ඉතාමමත් පැහැදිලි) උල්පත්හි පානයන්ගෙන් පිරි කුසලාන ඔවුන් වටා කැරකෙමින් ගෙන එනු ලබනු ඇත.

37:46

بَيْضَآءَ لَذَّةٍۢ لِّلشَّٰرِبِينَ

(එය) ඉතාමත් ස්වේත වර්ණයෙන්ද, පානය කරන්නන්ට ඉතාමත් රසයක් ගෙන දෙන්නක් වශයෙන්ද, තිඛෙණු ඇත.

37:47

لَا فِيهَا غَوْلٌۭ وَلَا هُمْ عَنْهَا يُنزَفُونَ

එහි මතක්ද නැත. එමගින් ඔවුන්ට බීමත් ගතියක්ද ඇති නොවේ.

37:48

وَعِندَهُمْ قَٰصِرَٰتُ ٱلطَّرْفِ عِينٌۭ

ඔවුන් වෙත බිම බලා ගත් (ඉතාමත් යටත් පහත්) බැල්මෙන් යුතු (හුරුල්ඊන් නමැති) නිර්මල කන්‍යාවන්ද සිටිනු ඇත.

37:49

كَأَنَّهُنَّ بَيْضٌۭ مَّكْنُونٌۭ

ඔවුන් (අත්තටු වල) සඟවන ලද (ගිනි කුකුලන්ගේ ලා කහ පැහැයෙන් යුත්) බිත්තර මෙන් වන්නාහ.

37:50

فَأَقْبَلَ بَعْضُهُمْ عَلَىٰ بَعْضٍۢ يَتَسَآءَلُونَ

ඔවුන්ගෙන් කෙනෙකු අන් අයට “(මෙලොවදී සිදු වූ දැය ගැන ඉතාමත් සතුටින්) කතා කරමින් සිටින්නාහ.

37:51

قَالَ قَآئِلٌۭ مِّنْهُمْ إِنِّى كَانَ لِى قَرِينٌۭ

ඔවුන්ගෙන් කෙනෙකු මෙසේ පවසනු ඇත: “(මෙලොවදී) නියත වශයෙන්ම මට එක් මිතුරෙකු සිටියේය.

37:52

يَقُولُ أَءِنَّكَ لَمِنَ ٱلْمُصَدِّقِينَ

ඔහු (මට) ‘නියත වශයෙන්ම ඔබ මෙය විශ්වාස කරන්නෙහිද?

37:53

أَءِذَا مِتْنَا وَكُنَّا تُرَابًۭا وَعِظَٰمًا أَءِنَّا لَمَدِينُونَ

කිමෙක්ද! අපි මරණයට පත් වී (දිරාපත්ව) ඇට කටු හා පස් බවට පත් වූ පසු (නැගිට්ටවනු ලබන්නෙමුද?) නියත වශයෙන්ම (අපගේ අපරාධයන්ට සරිලන) ඵලවිපාක දෙනු ලබන්නෙමුද?”යි (සමච්චලයෙන් මෙන්) පවසමින් සිටියේය.

37:54

قَالَ هَلْ أَنتُم مُّطَّلِعُونَ

“(එබැවින් ඔහුව) ඔබ බලන්නට කැමති වන්නෙහුද?”යි පවසා

37:55

فَٱطَّلَعَ فَرَءَاهُ فِى سَوَآءِ ٱلْجَحِيمِ

ඔහුව එබී බලා ඔහු නිරය මධ්‍යයේ සිටිනු දැක

37:56

قَالَ تَٱللَّهِ إِن كِدتَّ لَتُرْدِينِ

(ඔහුට) “අල්ලාහ් මත සත්තකින්ම! ඔබ මාව විනාශ කර දමන්නටම අදහස් කළෙහිය”.

37:57

وَلَوْلَا نِعْمَةُ رَبِّى لَكُنتُ مِنَ ٱلْمُحْضَرِينَ

“මගේ දෙවියන්ගේ දයාව මා හට (ලැබී) නොතිබුණේ නම්, මමත් (නිරයට) ගෙන එනු ලබන්නනගෙන් කෙනෙකු වශයෙන් සිටින්නට ඉඩ තිබුණි”.

37:58

أَفَمَا نَحْنُ بِمَيِّتِينَ

“(තවත් වරක්ද) අපි මරණයට පත් වන්නෙමුද?”

37:59

إِلَّا مَوْتَتَنَا ٱلْأُولَىٰ وَمَا نَحْنُ بِمُعَذَّبِينَ

“(නැවතත් පණ ලැබී ඇති) අපට කළින් මරණයට වඩා වෙන කිසිවක් නැත. (මින් පසු අපි කිසිදාක මැරෙන්නේම නැත. ස්වර්ගයෙහි සිටින) අපි දඬුවමට ඇතුළු කරනු ලබන්නේද නැත” යයි පවසනු ඇත.

37:60

إِنَّ هَٰذَا لَهُوَ ٱلْفَوْزُ ٱلْعَظِيمُ

“නියත වශයෙන්ම මෙයම ඉමහත් වූ භාග්‍යයක් වන්නේය”.

37:61

لِمِثْلِ هَٰذَا فَلْيَعْمَلِ ٱلْعَٰمِلُونَ

“යම්කිසි හොඳක් කළ හැකි අය සියල්ලන්ම මෙවැනි (භාග්‍යය අත් කර ගැනීම) සඳහා මහන්සි විය යුතුය”.

37:62

أَذَٰلِكَ خَيْرٌۭ نُّزُلًا أَمْ شَجَرَةُ ٱلزَّقُّومِ

(අල්ලාහ්ගේ සන්නිධානයෙන් ලැඛෙණ) මෙය උසස් වූ (භෝජණ) සංග්‍රහයද? නැතහොත් (නිරයෙහි ඇති) සක්කුම් නමැති (තිත්ත දුගඳ වෑහෙණ) ගසද?

37:63

إِنَّا جَعَلْنَٰهَا فِتْنَةًۭ لِّلظَّٰلِمِينَ

(මිනිසුනේ!) නියත වශයෙන්ම අපි මෙම අපරාධකාරයින්ට එක් පිරික්සුමක් බවටම පත් කර ඇත්තෙමු.

37:64

إِنَّهَا شَجَرَةٌۭ تَخْرُجُ فِىٓ أَصْلِ ٱلْجَحِيمِ

ඇත්තෙන්ම එය නිරයෙහි යට මට්ටමේ සිට ඉකුත් වන ගසකි.

37:65

طَلْعُهَا كَأَنَّهُۥ رُءُوسُ ٱلشَّيَٰطِينِ

එහි අතු නයින්ගේ පෙනය මෙන් ඇත්තේය.

37:66

فَإِنَّهُمْ لَءَاكِلُونَ مِنْهَا فَمَالِـُٔونَ مِنْهَا ٱلْبُطُونَ

නියත වශයෙන්ම ඔවුන් (තමන්ගේ කුස-ගින්නේ දරුණුභාවය නිසා) එයද අනුභව කරන්නාහ. එමගින් ඔවුන්ගේ කුස පුරවා ගන්නාහ. (නමුත් ඔවුන්ගේ කුස-ගින්න නිවෙන්නේ නැත).

37:67

ثُمَّ إِنَّ لَهُمْ عَلَيْهَا لَشَوْبًۭا مِّنْ حَمِيمٍۢ

පසුව, නියත වශයෙන්ම උතුරණ සැරව මිශ්‍ර (ලෝදිය) එහිදී ඔවුන්ට (පානයක් වශයෙන්) දෙනු ලැබේ.

37:68

ثُمَّ إِنَّ مَرْجِعَهُمْ لَإِلَى ٱلْجَحِيمِ

පසුවත් ඔවුන් යන තැන නියත වශයෙන්ම නිරයයි.

37:69

إِنَّهُمْ أَلْفَوْا۟ ءَابَآءَهُمْ ضَآلِّينَ

මොවුන් තමන්ගේ මුතුන් මිත්තන්ව ඇත්තෙන්ම දුර්මාර්ගිකයින් වශයෙන්ම දුටුවහ.

37:70

فَهُمْ عَلَىٰٓ ءَاثَٰرِهِمْ يُهْرَعُونَ

(එසේ තිබියදී) ඔවුන්ගේ පා සටහන්ම අනුගමනය කරමින් දිව්වාහ.

37:71

وَلَقَدْ ضَلَّ قَبْلَهُمْ أَكْثَرُ ٱلْأَوَّلِينَ

මොවුන්ට පෙරද, පෙර විසූ අයගෙන් බොහොමයක් දෙනා නියත වශයෙන්ම (මේ අන්දමටම) මාර්ගය වැරද ගියහ.

37:72

وَلَقَدْ أَرْسَلْنَا فِيهِم مُّنذِرِينَ

නියත වශයෙන්ම අපි ඔවුන්ටද බිය ගන්වා අනතුරු අඟවන (අපගේ) දූතයින්ව යැව්වෙමු.

37:73

فَٱنظُرْ كَيْفَ كَانَ عَٰقِبَةُ ٱلْمُنذَرِينَ

එබැවින් බිය ගන්වා අනතුරු අඟවන ලද මොවුන්ගේ අවසානය කෙසේ වූයේද යන්න (නබියේ!) ඔබ බලනු.

37:74

إِلَّا عِبَادَ ٱللَّهِ ٱلْمُخْلَصِينَ

පරිශුද්ධ වූ අදහස් ඇති අල්ලාහ්ගේ වහලූන් මිස, (අන් අය සියල්ලන්ම අපගේ දඬුවමට ලක් වන්නාහ).

37:75

وَلَقَدْ نَادَىٰنَا نُوحٌۭ فَلَنِعْمَ ٱلْمُجِيبُونَ

නූහ් (නබි උදව් උපකාර ඉල්ලා ප්‍රාර්ථනා කර) අපව ආරාධනා කළේය. අපිම (ප්‍රාර්ථනාවන්ට) පිළිතුරු දෙන්නන්ගෙන් ඉතාමත් උසස්වන්තයෙකි.

37:76

وَنَجَّيْنَٰهُ وَأَهْلَهُۥ مِنَ ٱلْكَرْبِ ٱلْعَظِيمِ

එබැවින් ඔහුවද, ඔහුගේ පවුලේ උදවියද ඉමහත් වූ අමාරුකමෙන් බේරා ගත්තෙමු.

37:77

وَجَعَلْنَا ذُرِّيَّتَهُۥ هُمُ ٱلْبَاقِينَ

ඔවුන්ගේ දරුවන්වම (මහා ජල ගැල්මෙන් බේරී පසු කලකදී සැමදා) ස්ථීර වන සේ පත් කළෙමු.

37:78

وَتَرَكْنَا عَلَيْهِ فِى ٱلْءَاخِرِينَ

ඔහු වෙනුවෙන් (ඔහුගේ කීර්ති නාමයද) පසු පැමිණෙන්නන්ගෙන් ස්ථීර වීමට සැලැස්සුවෙමු.

37:79

سَلَٰمٌ عَلَىٰ نُوحٍۢ فِى ٱلْعَٰلَمِينَ

“ශාන්තිය හා සමාදානයද ලෝකයන් කොහේ වුවද, නූහුට අත් වේවා!” (යයි කියනු ලැබීය).

37:80

إِنَّا كَذَٰلِكَ نَجْزِى ٱلْمُحْسِنِينَ

මේ අන්දමටම හොඳක් කරන්නන්ට අපි ඵලවිපාක දෙන්නෙමු.

37:81

إِنَّهُۥ مِنْ عِبَادِنَا ٱلْمُؤْمِنِينَ

(මන්දයත් ඔහු) විශ්වාසය තැබූ අපගේ වහලූන්ගෙන් (කෙනෙකු වශයෙන්ම) සිටියේය.

37:82

ثُمَّ أَغْرَقْنَا ٱلْءَاخَرِينَ

(එබැවින් ඔහුවද, ඔහුව අනුගමනය කළ අයවද හැර) අන් අයව (මහා ජල ගැල්මෙහි) අපි ගිල්වා දැමුවෙමු.

37:83

۞ وَإِنَّ مِن شِيعَتِهِۦ لَإِبْرَٰهِيمَ

නියත වශයෙන්ම ඉබ්රාහීම්ද, නුහ් (නබි)ගේ (මාර්ගය අනුගමනය කරන) සමූහයින්ගෙන් කෙනෙකි.

37:84

إِذْ جَآءَ رَبَّهُۥ بِقَلْبٍۢ سَلِيمٍ

ඔහු (අවංක) පරිශුද්ධ සිතකින් යුතුව තම දෙවියන් වෙත පැමිණි අවස්ථාවේදී

37:85

إِذْ قَالَ لِأَبِيهِ وَقَوْمِهِۦ مَاذَا تَعْبُدُونَ

ඔහු තම පියාටද, තම ජනතාවටද “ඔබ කුමක් නම් නමදින්නෙහුද?”යි විමසා

37:86

أَئِفْكًا ءَالِهَةًۭ دُونَ ٱللَّهِ تُرِيدُونَ

“ඔබ අල්ලාහ් හැර, බොරු දෙවිවරුන්වම කැමති වන්නෙහුද?

37:87

فَمَا ظَنُّكُم بِرَبِّ ٱلْعَٰلَمِينَ

(එසේ නම්) ලෝකවාසීන්ව උත්පාදනය කර, පෝෂණය කරමින් සිටින දෙවියන් ගැන ඔබගේ අදහස කුමක්ද?”යි (විමසුවේය).

37:88

فَنَظَرَ نَظْرَةًۭ فِى ٱلنُّجُومِ

පසුව තාරකාවන් දෙස බලා;

37:89

فَقَالَ إِنِّى سَقِيمٌۭ

“නියත වශයෙන්ම මා රෝගාතුරව සිටින්නෙමි” යයි පැවසූ වහාම,

37:90

فَتَوَلَّوْا۟ عَنْهُ مُدْبِرِينَ

ඔවුන් ඔහුව අත්හැර දමා (අළුත් අවුරුදු උත්සවය සැමරීමට) ගියහ.

37:91

فَرَاغَ إِلَىٰٓ ءَالِهَتِهِمْ فَقَالَ أَلَا تَأْكُلُونَ

පසුව ඔහු කෝවිල තුළට ගියේය. එහි (පිළිරූ වලට විවිධ වර්ගයේ ආහාර පූජා කර තිබීම දැක), ඔවුන්ගේ පිළිරූවලට “ඔබ (මේවා) කුමක් නිසා නොකන්නේද?

37:92

مَا لَكُمْ لَا تَنطِقُونَ

ඔබට කුමක් නම් (සිදු වී ඇත්ද?) ඔබ කුමක් නිසා කතා නොකරන්නේද?”යි විමසා

37:93

فَرَاغَ عَلَيْهِمْ ضَرْبًۢا بِٱلْيَمِينِ

(පිළිතුරු නොලැබුණෙන්) ඒවාට වැරෙන් පහර දී (කුඩු කර දමා පිටතට) යන්න ගියේය.

37:94

فَأَقْبَلُوٓا۟ إِلَيْهِ يَزِفُّونَ

(අළුත් අවුරුදු සමරන්නට ගිය අය, ආපසු පැමිණීමෙන් පසු මෙය දුටු වහාම), ඉබ්රාහීම් වෙත දිවැවිත් (ඒ ගැන විමසූ විට)

37:95

قَالَ أَتَعْبُدُونَ مَا تَنْحِتُونَ

ඔහු (ඔවුන්ට “ඔබගේ අත්වලින්) ඔබ විසින්ම අඹන ලද දැය, ඔබ නමදින්නෙහුද?

37:96

وَٱللَّهُ خَلَقَكُمْ وَمَا تَعْمَلُونَ

ඔබත්, ඔබ අඹන ලද දැයත් අල්ලාහ්ම උත්පාදනය කළේය” යයි කීවේය.

37:97

قَالُوا۟ ٱبْنُوا۟ لَهُۥ بُنْيَٰنًۭا فَأَلْقُوهُ فِى ٱلْجَحِيمِ

(එයට ඔවුන් පිළිතුරු දීමට මගක් නොමැතිව කෝපයට පත් වී) “මොහු වෙනුවෙන් විශාල (ගිනි) වළක් නිර්මාණය කර, එම ගින්නෙහි ඔහුව වීසි කර දමනු” යයි පැවසූහ.

37:98

فَأَرَادُوا۟ بِهِۦ كَيْدًۭا فَجَعَلْنَٰهُمُ ٱلْأَسْفَلِينَ

(මෙසේ) ඔවුන් ඔහුට හානියක් කිරීමට අදහස් කළහ. එහෙත් අපි ඔවුන්වම අවමන් කර හැරියෙමු.

37:99

وَقَالَ إِنِّى ذَاهِبٌ إِلَىٰ رَبِّى سَيَهْدِينِ

(පසුව, ඉබ්රාහීම් එම රට අත්හැර දමා පිටමං වී) “නියත වශයෙන්ම මා මගේ දෙවියන් වෙතම යන්නෙමි. ඔහු ඉතා ඉක්මනින් මා හට ඍජු මාර්ගය පෙන්වනු ඇත” (යයි කියා),

37:100

رَبِّ هَبْ لِى مِنَ ٱلصَّٰلِحِينَ

“මගේ දෙවියනේ! හොඳ අයගෙන් (කෙනෙකුව) ඔබ මා හට (දරුවෙකු වශයෙන්) ලබා දෙනු මැනව!” යයි කීවේය.

37:101

فَبَشَّرْنَٰهُ بِغُلَٰمٍ حَلِيمٍۢ

එමගින් ඉතාමත් ඉවසිලිවන්ත (ඉස්මායීල් නමැති) පුතෙකු මගින් ඔහුට සුභාරංචි දුන්නෙමු.

37:102

فَلَمَّا بَلَغَ مَعَهُ ٱلسَّعْىَ قَالَ يَٰبُنَىَّ إِنِّىٓ أَرَىٰ فِى ٱلْمَنَامِ أَنِّىٓ أَذْبَحُكَ فَٱنظُرْ مَاذَا تَرَىٰ ۚ قَالَ يَٰٓأَبَتِ ٱفْعَلْ مَا تُؤْمَرُ ۖ سَتَجِدُنِىٓ إِن شَآءَ ٱللَّهُ مِنَ ٱلصَّٰبِرِينَ

(ඔහුගේ එම පුතා) ඔහු සමග පා ගමනින් ඇවිදිය හැකි වයස අත් වූ විට, ඔහු (තම පුතාට) “මගේ දයාබර පුතුනේ! ඇත්තෙන්ම මා ඔබව (මගේ අතින්) ඛෙල්ල කපා බිලි දෙන බවට, මා (මගේ) සිහිනෙන් දුටුවෙමි. (මේ ගැන) ඔබ කුමන අදහසක් දරන්නෙහිද?”යි විමසුවේය. එයට ඔහු “මගේ (දයාබර) පියාණෙනි! ඔබට දෙන ලද නියෝගයට අනුවම ඔබ කරනු. අල්ලාහ් අදහස් කළහොත් (එය විඳ දරාගෙන) ස්ථීර වශයෙන් සිටින්නෙකු බවට, ඔබ මාව දකින්නෙහිය” යයි පැවසුවේය.

37:103

فَلَمَّآ أَسْلَمَا وَتَلَّهُۥ لِلْجَبِينِ

එබැවින් ඒ දෙදෙනාම (දෙවියන්ගේ නියෝගයට) සම්පූර්ණයෙන්ම අවනත වී (ඉබ්රාහීම් වන) ඔහු (ඉස්මායීල් වන) ඔහුව (ඛෙල්ල කපා බිලි දීමට) මුනින් අතට බිම හෙළුවේය.

37:104

وَنَٰدَيْنَٰهُ أَن يَٰٓإِبْرَٰهِيمُ

ඒ අවස්ථාවේදී අපි ඔහුව අඞගසා මෙසේ පැවසුවෙමු: “ඕ ඉබ්රාහීම්!

37:105

قَدْ صَدَّقْتَ ٱلرُّءْيَآ ۚ إِنَّا كَذَٰلِكَ نَجْزِى ٱلْمُحْسِنِينَ

ඇත්තෙන්ම ඔබ, (ඔබගේ) සිහිනය සැබෑ කර තැබුවෙහිය. නියත වශයෙන්ම හොඳක් කරන අයට අපි මේ අන්දමටම ඵලවිපාක දෙන්නෙමු”.

37:106

إِنَّ هَٰذَا لَهُوَ ٱلْبَلَٰٓؤُا۟ ٱلْمُبِينُ

“නියත වශයෙන්ම මෙය පැහැදිලි ඉමහත් පිරික්සුමක් වන්නේය” (යයිද කීවෙමු).

37:107

وَفَدَيْنَٰهُ بِذِبْحٍ عَظِيمٍۢ

එබැවින් (ඔහු වෙනුවට එක් නාඹර එළුවෙකු බිලි දෙන්නට සලස්වා) ඉමහත් වූ පරිත්‍යාගය මගින් ඔහුව නිදහස් කළෙමු.

37:108

وَتَرَكْنَا عَلَيْهِ فِى ٱلْءَاخِرِينَ

ඔහු වෙනුවෙන් (ඔහුගේ කීර්ති නාමය) පසු පැමිණෙන්නන්ගෙන්ද ස්ථීරවත් කළෙමු.

37:109

سَلَٰمٌ عَلَىٰٓ إِبْرَٰهِيمَ

(එබැවින් ලොවෙහි ඇති සියල්ලන්ම) “ඉබ්රාහීම්ට ශාන්තිය හා සමාදානය අත් වේවා!” (යයි පවසන්නාහ).

37:110

كَذَٰلِكَ نَجْزِى ٱلْمُحْسِنِينَ

මේ අන්දමටම හොඳක් කරන්නන්ට අපි ඵලවිපාක දෙන්නෙමු.

37:111

إِنَّهُۥ مِنْ عِبَادِنَا ٱلْمُؤْمِنِينَ

නියත වශයෙන්ම ඔහු ඉතාමත් විශ්වාසවන්ත අපගේ වහලෙකු වශයෙන්ම සිටියේය.

37:112

وَبَشَّرْنَٰهُ بِإِسْحَٰقَ نَبِيًّۭا مِّنَ ٱلصَّٰلِحِينَ

(මින් පසුව) හොඳ වහලූන්ගෙන් කෙනෙකු වශයෙන් සිටි ඉස්හාක් නබිව ඔහුට (තවත් පුතෙකු වශයෙන් දෙන බවට) සුභාරංචි දුන්නෙමු.

37:113

وَبَٰرَكْنَا عَلَيْهِ وَعَلَىٰٓ إِسْحَٰقَ ۚ وَمِن ذُرِّيَّتِهِمَا مُحْسِنٌۭ وَظَالِمٌۭ لِّنَفْسِهِۦ مُبِينٌۭ

ඔහු කෙරෙහිද, ඉස්මායීල් කෙරෙහිද, අපි අපගේ භාග්‍යයන් පහළ කළෙමු. ඔවුන්ගේ පරම්පරාවේ දරුවන්ගෙන් හොඳ අයද සිටින්නාහ. ප්‍රසිද්ධියේ තමන්ට තමන්ම නපුර කර ගත් (නපුරු) අයද සිටින්නාහ.

37:114

وَلَقَدْ مَنَنَّا عَلَىٰ مُوسَىٰ وَهَٰرُونَ

නියත වශයෙන්ම අපි මූසා කෙරෙහිද, හාරූන් කෙරෙහිද දයාව පහළ කළෙමු.

37:115

وَنَجَّيْنَٰهُمَا وَقَوْمَهُمَا مِنَ ٱلْكَرْبِ ٱلْعَظِيمِ

ඒ දෙදෙනාවම ඔවුන්ගේ ජනතාවද, ඉමහත් වූ විපතකින් බේරා ගෙන ඔවුන්ට උදව් කළෙමු.

37:116

وَنَصَرْنَٰهُمْ فَكَانُوا۟ هُمُ ٱلْغَٰلِبِينَ

එබැවින් (තමන්ගේ සතුරන් මත) ඔවුන්ම ජයග්‍රහණය කළහ.

37:117

وَءَاتَيْنَٰهُمَا ٱلْكِتَٰبَ ٱلْمُسْتَبِينَ

ඒ දෙදෙනාට (සත්‍යය) පැහැදිලි කරන ධර්මයද අපි දුන්නෙමු.

37:118

وَهَدَيْنَٰهُمَا ٱلصِّرَٰطَ ٱلْمُسْتَقِيمَ

ඒ දෙදෙනාවම ඍජු මාර්ගයෙහිද අපි ඇතුළු කළෙමු.

37:119

وَتَرَكْنَا عَلَيْهِمَا فِى ٱلْءَاخِرِينَ

ඒ දෙදෙනා වෙනුවෙන් (ඒ දෙදෙනාගේ කීර්ති නාමයන්) පසු පැමිණෙන්නන්ගෙන්ද ස්ථීරවත් කළෙමු.

37:120

سَلَٰمٌ عَلَىٰ مُوسَىٰ وَهَٰرُونَ

(එබැවින් ලෝකවාසීන්) මූසාටද, හාරූන්ටද ශාන්තිය හා සමාදානය අත් වේවා! (යයි පවසන්නාහ).

37:121

إِنَّا كَذَٰلِكَ نَجْزِى ٱلْمُحْسِنِينَ

නියත වශයෙන්ම අපි හොඳක් කරන්නන්ට මේ අන්දමටම ඵලවිපාක දෙන්නෙමු.

37:122

إِنَّهُمَا مِنْ عِبَادِنَا ٱلْمُؤْمِنِينَ

නියත වශයෙන්ම ඒ දෙදෙනාම විශ්වාසය තැබූ අපගේ වහලූන්ගෙන් වූහ.

37:123

وَإِنَّ إِلْيَاسَ لَمِنَ ٱلْمُرْسَلِينَ

නියත වශයෙන්ම ඉල්යාස්ද (අපගේ) දූතයින්ගෙන් කෙනෙකි.

37:124

إِذْ قَالَ لِقَوْمِهِۦٓ أَلَا تَتَّقُونَ

ඔහු තම ජනතාවට “ඔබ (අල්ලාහ්ට) බිය විය යුතු නොවේද?”යි පැවසූ අවස්ථාවේදී

37:125

أَتَدْعُونَ بَعْلًۭا وَتَذَرُونَ أَحْسَنَ ٱلْخَٰلِقِينَ

“උත්පාදකයින්ගෙන් ඉතාමත් ශ්‍රේෂ්ඨවන්තයාව ප්‍රතික්ෂේප කර, බඅල් (නමැති) පිළිරුව නමදින්නෙහුද?

37:126

ٱللَّهَ رَبَّكُمْ وَرَبَّ ءَابَآئِكُمُ ٱلْأَوَّلِينَ

අල්ලාහ්ම ඔබගේ දෙවියන් හා පෙර ඉකුත්ව ගිය ඔබගේ මුතුන් මිත්තන්ගේ දෙවියන්ද වන්නේය” (යයි පැවසුවේය).

37:127

فَكَذَّبُوهُ فَإِنَّهُمْ لَمُحْضَرُونَ

එහෙත් ඔවුන් ඔහුව බොරුකාරයා කර හැරියහ. එබැවින් නියත වශයෙන්ම ඔවුන් (පරලොවදී අප වෙත දඬුවම සඳහා) ගෙන එනු ලබන්නාහ.

37:128

إِلَّا عِبَادَ ٱللَّهِ ٱلْمُخْلَصِينَ

අල්ලාහ්ගේ පරිශුද්ධ වූ වහලූන්ව හැර. (හොඳ වහලූන්ට හොඳ පරිත්‍යාගයන් ඇත).

37:129

وَتَرَكْنَا عَلَيْهِ فِى ٱلْءَاخِرِينَ

ඔහු වෙනුවෙන් (ඔහුගේ කීර්ති නාමය) පසු පැමිණෙන්නන්ගෙන්ද ස්ථීරවත් කරන්නෙමු.

37:130

سَلَٰمٌ عَلَىٰٓ إِلْ يَاسِينَ

(එබැවින් ලෝකවාසීන්) “ඉල්යාස්ට ශාන්තිය හා සමාදානය අත් වේවා!” (යයි පවසන්නාහ).

37:131

إِنَّا كَذَٰلِكَ نَجْزِى ٱلْمُحْسِنِينَ

නියත වශයෙන්ම හොඳක් කරන්නන්ට අපි මේ අන්දමටම ඵලවිපාක දෙන්නෙමු.

37:132

إِنَّهُۥ مِنْ عِبَادِنَا ٱلْمُؤْمِنِينَ

ඇත්තෙන්ම ඔහු විශ්වාසය තැබූ අපගේ වහලූන්ගෙන් (කෙනෙකු වශයෙන්ම) සිටියේය.

37:133

وَإِنَّ لُوطًۭا لَّمِنَ ٱلْمُرْسَلِينَ

නියත වශයෙන්ම ලුත්ද (අපගේ) දූතයින්ගෙන් කෙනෙකි.

37:134

إِذْ نَجَّيْنَٰهُ وَأَهْلَهُۥٓ أَجْمَعِينَ

ඔහුවද, ඔහුගේ පවුලේ උදවිය ආදී සියල්ලන්වම බේරා ගත්තෙමු.

37:135

إِلَّا عَجُوزًۭا فِى ٱلْغَٰبِرِينَ

(එහෙත් ඔහුගේ) නාකි (බිරිඳ) හැර. ඇය (එම පාපතරයන් සමග) රැඳී සිටියාය.

37:136

ثُمَّ دَمَّرْنَا ٱلْءَاخَرِينَ

(ඇය සමග පාපයන් කළ) අන් අයවද අපි විනාශ කර දැමුවෙමු.

37:137

وَإِنَّكُمْ لَتَمُرُّونَ عَلَيْهِم مُّصْبِحِينَ

එබැවින් (මක්කාවාසීනී! ඔබ ෂාම් රටට වෙළෙඳාමට යන විට හා එන විට) උදේ හෝ සවස හෝ නියත වශයෙන්ම ඔබ (විනාශ වී ගිය) ඔවුන්ගේ (නගරය) හරහා ගමන් කරන්නෙහුය.

37:138

وَبِٱلَّيْلِ ۗ أَفَلَا تَعْقِلُونَ

(මෙමගින් ඔබ) හොඳ දැනුමක් අත් කර ගත යුතු නොවේද?

37:139

وَإِنَّ يُونُسَ لَمِنَ ٱلْمُرْسَلِينَ

නියත වශයෙන්ම යුනුස්ද (අපගේ) දූතයින්ගෙන් කෙනෙකි.

37:140

إِذْ أَبَقَ إِلَى ٱلْفُلْكِ ٱلْمَشْحُونِ

(ජනයාගෙන්) පිරි නැව දෙසට ඔහු (බේරී) දිව ගිය අවස්ථාවේදී (එහි නැග ගත්තේය).

37:141

فَسَاهَمَ فَكَانَ مِنَ ٱلْمُدْحَضِينَ

ඔවුන් (ඒ නැවේ සිටි අය අතර) කුසපත් ඇදි අවස්ථාවේදී මොහු (මුහුදට) වීසි කර දැමිය යුතු කෙනෙකු බවට පත් වූවේය.

37:142

فَٱلْتَقَمَهُ ٱلْحُوتُ وَهُوَ مُلِيمٌۭ

(එසේ ඔවුන් මොහුව වීසි කළ විට), මාළුවෙකු ඔහුව ගිල දැමුවේය. ඒ අවස්ථාවේදී ඔහු (තමන්ට තමන්ම) නින්දා කර ගනිමින් සිටියේය.

37:143

فَلَوْلَآ أَنَّهُۥ كَانَ مِنَ ٱلْمُسَبِّحِينَ

ඇත්තෙන්ම ඔහු (අපව) සුවිශුද්ධ කරමින්ම නොසිටියා නම්,

37:144

لَلَبِثَ فِى بَطْنِهِۦٓ إِلَىٰ يَوْمِ يُبْعَثُونَ

(පරලොවදී ඔහුව) නැගිට්ටවනු ලබන දින (පැමිණෙන) තුරු ඔහු උගේ කුසෙහි රැඳී සිටින්නට ඉඩ තිබුණි.

37:145

۞ فَنَبَذْنَٰهُ بِٱلْعَرَآءِ وَهُوَ سَقِيمٌۭ

(ඔහු සුවිශුද්ධ කරමින් සිටි හේතුවෙන්) එළිමහන් භූමියක (මාළුවාගේ බඩෙන්) ඔහුව අපි එළියට හෙළන්නට සැලැස්සුවෙමු. ඒ අවස්ථාවේදී ඔහු නම්, ඉතාමත් වෙහෙසට පත්ව සිටියේය.

37:146

وَأَنۢبَتْنَا عَلَيْهِ شَجَرَةًۭ مِّن يَقْطِينٍۢ

එබැවින් ඔහු (ට සෙවණ ලබා දීම) සඳහා ලබු වැළක් වැවෙන්නට සැලැස්සුවෙමු.

37:147

وَأَرْسَلْنَٰهُ إِلَىٰ مِا۟ئَةِ أَلْفٍ أَوْ يَزِيدُونَ

පසුව අපි ඔහුව සියක් දහසක්, නැතහොත් ඊටත් වඩා වැඩි සංඛ්‍යාවක් මිනිසුන් වෙත (අපගේ දූතයා වශයෙන්) යැව්වෙමු.

37:148

فَـَٔامَنُوا۟ فَمَتَّعْنَٰهُمْ إِلَىٰ حِينٍۢ

ඔවුන් (සියල්ලන්ම) විශ්වාස කළහ. එබැවින් අපිත් ඔවුන්ව එක් (දීර්ඝ) කාලයක් දක්වා සුවසේ ජීවත් වීමට සැලැස්සුවෙමු.

37:149

فَٱسْتَفْتِهِمْ أَلِرَبِّكَ ٱلْبَنَاتُ وَلَهُمُ ٱلْبَنُونَ

(නබියේ!) ඔබ ඔවුන්ගෙන් විමසනු: (ඔවුන් පිළිකුල් කරන ගැහැණු දරුවන්ව ඔබගේ දෙවියන්ටද, ඔවුන්ට පිරිමි දරුවන්වද, (මනක්කල්පිත කරන්නෙහුද?)

37:150

أَمْ خَلَقْنَا ٱلْمَلَٰٓئِكَةَ إِنَٰثًۭا وَهُمْ شَٰهِدُونَ

නැතහොත් අපි මලායිකාවරුන්ව ගැහැනුන් වශයෙන් නිර්මාණය කළාය (යයි කියනවා නොවෙද?) ඔවුන් එය බලාගෙන සිටියෙහුද?

37:151

أَلَآ إِنَّهُم مِّنْ إِفْكِهِمْ لَيَقُولُونَ

නියත වශයෙන්ම ඔවුන් බොරුවට මනක්කල්පිත කර ගොතා පවසන්නක් යන්න ඔබ දැන ගනු (මැනව!)

37:152

وَلَدَ ٱللَّهُ وَإِنَّهُمْ لَكَٰذِبُونَ

“අල්ලාහ් (දරුවන්) ප්‍රසූත කළේය” යයි පැවසීම නියත වශයෙන්ම ඔවුන් බොරුකාරයින්ය.

37:153

أَصْطَفَى ٱلْبَنَاتِ عَلَى ٱلْبَنِينَ

(එයිනුත්) පිරිමි (දරුවන්ට) වඩා ගැහැනු (දරුවන්වද, ඔහු තෝරා ගත්තේ?

37:154

مَا لَكُمْ كَيْفَ تَحْكُمُونَ

(මෙසේ පැවසීමට) ඔබට කුමන (සාධාරණයක් නම් ඇත්තේද?) කුමක් නිසා ඔබ මෙසේ (බොරු) කියන්නෙහුද?

37:155

أَفَلَا تَذَكَّرُونَ

ඔබ (මෙය අවධානය කර) සිතා බැලිය යුතු නොවේද?

37:156

أَمْ لَكُمْ سُلْطَٰنٌۭ مُّبِينٌۭ

නැතහොත් ඔබට (මේ වෙනුවෙන් යම්කිසි) පැහැදිලි සාක්ෂීන් මොකුත් ඇත්තේද?

37:157

فَأْتُوا۟ بِكِتَٰبِكُمْ إِن كُنتُمْ صَٰدِقِينَ

(එසේ) ඔබ (පැවසීමෙහි) ඇත්ත කියන්නන් වශයෙන් සිටින්නෙහු නම්, (එයට) ඔබගේ ධර්ම (සාධකයක්) ගෙන එනු.

37:158

وَجَعَلُوا۟ بَيْنَهُۥ وَبَيْنَ ٱلْجِنَّةِ نَسَبًۭا ۚ وَلَقَدْ عَلِمَتِ ٱلْجِنَّةُ إِنَّهُمْ لَمُحْضَرُونَ

(නබියේ!) මොවුන් ඔහුටත්, ජින්වරුන්ටත් අතරේ ඥාති බන්ධනයක් ගැන මනක්කල්පිත කරන්නාහ. නමුත් ජින්වරුන් නම්, (තමන් වැරදි කළහොත් දඬුවම සඳහා) නියත වශයෙන්ම (අල්ලාහ් වෙත) ගෙන එනු ලබන්නාහ යයි ඔවුන් දැනගෙන සිටින්නාහ.

37:159

سُبْحَٰنَ ٱللَّهِ عَمَّا يَصِفُونَ

ඔවුන් පවසන මෙම වර්ණාවන්ගෙන් අල්ලාහ් ඉතාමත් පරිශුද්ධවන්තයෙකි.

37:160

إِلَّا عِبَادَ ٱللَّهِ ٱلْمُخْلَصِينَ

පිරිසිදු සිතුවිල්ලෙන් පිරි අල්ලාහ්ගේ වහලූන් හැර, (අන් අය දඬුවම සඳහා දෙවියන් ඉදිරියට පමුණුවනු ලබන්නාහ).

37:161

فَإِنَّكُمْ وَمَا تَعْبُدُونَ

(නබියේ! ඔබ මෙසේ පවසනු): “නියත වශයෙන්ම ඔබත්, ඔබ නමදින (ජින්වරුන් වන) මේවාද,

37:162

مَآ أَنتُمْ عَلَيْهِ بِفَٰتِنِينَ

(එකට එක්කාසු වූවද, කිසිවෙකුත් අල්ලාහ් වන) ඔහුට එරෙහිව ඔබව කළඹා දැමිය නොහැකිය.

37:163

إِلَّا مَنْ هُوَ صَالِ ٱلْجَحِيمِ

නිරයට යා හැකි අය හැර”.

37:164

وَمَا مِنَّآ إِلَّا لَهُۥ مَقَامٌۭ مَّعْلُومٌۭ

(මලායිකාවරුන් මෙසේ පවසන්නාහ): “අපගෙන් සෑම කෙනෙකුටම නියමිත තැනක් ඇත.

37:165

وَإِنَّا لَنَحْنُ ٱلصَّآفُّونَ

නියත වශයෙන්ම අපි (නියෝගය ඉටු කිරීමට අල්ලාහ්ගේ අණ බලාපොරොත්තුවෙන්) කණ්ඩායම් (වශයෙන්) පෙළ ගැසී සිටින්නෙමු.

37:166

وَإِنَّا لَنَحْنُ ٱلْمُسَبِّحُونَ

නියත වශයෙන්ම අපි (ඔහුව) ප්‍රශංසා කර, සුවි ශුද්ධ කරමින්ම සිටින්නෙමු”.

37:167

وَإِن كَانُوا۟ لَيَقُولُونَ

(නබියේ! මීට පෙර මක්කාවාසීන් වන) ඔවුන් මෙසේ පවසමින් සිටියහ:

37:168

لَوْ أَنَّ عِندَنَا ذِكْرًۭا مِّنَ ٱلْأَوَّلِينَ

“පෙර විසූ අයගෙන් (දෙවියන්ව) මතක් කරන යම්කිසි ධර්මයක් අපි ලබා තිබුනේ නම්,

37:169

لَكُنَّا عِبَادَ ٱللَّهِ ٱلْمُخْلَصِينَ

නියත වශයෙන්ම අපි අල්ලාහ්ගේ ශුද්ධ වූ වහලූන් බවට පත්ව සිට ඇත්තෙමු” (යයි පැවසූහ).

37:170

فَكَفَرُوا۟ بِهِۦ ۖ فَسَوْفَ يَعْلَمُونَ

(එහෙත් මෙසේ පවසමින් සිටි මොවුන් වෙත මෙම ධර්මය පැමිණි විට), එය මොවුන් ප්‍රතික්ෂේප කරන්නාහ. ඉතාමත් ඉක්මනින් (මෙහි ඵලවිපාක) මොවුන් දැන ගනු ඇත.

37:171

وَلَقَدْ سَبَقَتْ كَلِمَتُنَا لِعِبَادِنَا ٱلْمُرْسَلِينَ

(අපගේ) දුතයින් වන අපගේ වහලූන්ට කලින්ම අපගේ පොරොන්දුව නියත වශයෙන්ම ඇති වී ගියේය.

37:172

إِنَّهُمْ لَهُمُ ٱلْمَنصُورُونَ

ඔවුන්ට උදව් කරනු ලැබීම නියතයි.

37:173

وَإِنَّ جُندَنَا لَهُمُ ٱلْغَٰلِبُونَ

අපගේ යුද සේනාවන් (වන විශ්වාසවන්තයින්ම) ජයග්‍රහණය කරන්නාහ.

37:174

فَتَوَلَّ عَنْهُمْ حَتَّىٰ حِينٍۢ

එබැවින් (නබියේ!) ටික කලක් දක්වා ඔබ ඔවුන්ව ප්‍රතික්ෂේප කර දමා සිටිනු.

37:175

وَأَبْصِرْهُمْ فَسَوْفَ يُبْصِرُونَ

(ඔවුන් කෙසේ නම් දඬුවමට ලක් වන්නාහ යන්න දැන ගැනීමට) ඔවුන්ව බලාගෙන සිටිනු. ඉතා ඉක්මනින් ඔවුන්ද (එය) දැක ගනු ඇත.

37:176

أَفَبِعَذَابِنَا يَسْتَعْجِلُونَ

(කිමෙක්ද!) අපගේ දඬුවම වෙනුවෙන්ද මොවුන් මෙතරම් ඉක්මන් වන්නේ?

37:177

فَإِذَا نَزَلَ بِسَاحَتِهِمْ فَسَآءَ صَبَاحُ ٱلْمُنذَرِينَ

(අපගේ දඬුවම) ඔවුන් මධ්‍යයට පහළ වන විට, බිය ගන්වා අනතුරු අඟවන ලද ඔවුන්ගේ අලූයම් කාලය ඉතාමත් නපුරු වනු ඇත.

37:178

وَتَوَلَّ عَنْهُمْ حَتَّىٰ حِينٍۢ

(නබියේ!) ඔවුන්ව ඔබ ටික කලක් ප්‍රතික්ෂේප කර දමා සිටිනු.

37:179

وَأَبْصِرْ فَسَوْفَ يُبْصِرُونَ

(ඔවුන්ට දඬුවම පැමිණීම) ඔබ බලාපොරොත්තුවෙන් සිටිනු. ඔවුන්ද (එය) නියත වශයෙන්ම දකිනු ඇත.

37:180

سُبْحَٰنَ رَبِّكَ رَبِّ ٱلْعِزَّةِ عَمَّا يَصِفُونَ

ඔවුන්ගේ (වැරදි) වර්ණනාවන්ගෙන් ගෞරවණීය ඔබගේ දෙවියන් ඉතාමත් පරිශුද්ධවන්තයෙකි.

37:181

وَسَلَٰمٌ عَلَى ٱلْمُرْسَلِينَ

(ඔහු විසින්) යවන ලද දූතයින් (සියල්ලන්) කෙරෙහිම (ඔහුගේ) ශාන්තිය හා සමාදානය අත් වේවා!

37:182

وَٱلْحَمْدُ لِلَّهِ رَبِّ ٱلْعَٰلَمِينَ

සියලූ ප්‍රශංසා ලෝකයන් සියල්ල උත්පාදනය කර, පෝෂණය කර, පරිපාලනය කරන්නා වූ අල්ලාහ්ටම අයිති දැයයි.

38:1

صٓ ۚ وَٱلْقُرْءَانِ ذِى ٱلذِّكْرِ

සාද්. (හොඳ ඔවදනින් හා) මතක් කිරීම් වලින් පිරි මෙම කුර්ආනය මත සත්තකින්ම! (මෙය අප විසින් පහළ කරන ලදී).

38:2

بَلِ ٱلَّذِينَ كَفَرُوا۟ فِى عِزَّةٍۢ وَشِقَاقٍۢ

නමුත් මෙම ප්‍රතික්ෂේප කරන්නන් ඉමහත් වූ ක්‍රෝධයෙහිද, වෛරයෙහිද, (ගැලී) සිටින්නාහ.

38:3

كَمْ أَهْلَكْنَا مِن قَبْلِهِم مِّن قَرْنٍۢ فَنَادَوا۟ وَّلَاتَ حِينَ مَنَاصٍۢ

මොවුන්ට පෙර (මේ අන්දමට සිටි) බොහොමයක් සමුහයන්ව අපි විනාශ කර ඇත්තෙමු. (දඬුවම පැමිණි අවස්ථාවේදී) ඔවුන් (සියල්ලන්ම උදව් උපකාර පතා) කෑ ගැසූහ. (එය දඬුවමෙන්) බේරෙන්නට හැකි කාලයක් වශයෙන් තිබුනේ නැත.

38:4

وَعَجِبُوٓا۟ أَن جَآءَهُم مُّنذِرٌۭ مِّنْهُمْ ۖ وَقَالَ ٱلْكَٰفِرُونَ هَٰذَا سَٰحِرٌۭ كَذَّابٌ

(ඔවුන්ට) බිය ගන්වා අනතුරු ඇඟවිය හැකි දූතයෙකු (වන ඔබ) ඔවුන්ගේ (වාර්ගියන්)ගෙන්ම ඔවුන් වෙත පැමිණීම ගැන ඔවුන් පුදුමයට පත් වී “මොහු බොරු කියන සූනියම්කාරයෙකි” යයි (ඔබ ගැන) මෙම ප්‍රතික්ෂේප කරන්නන් පවසන්නාහ.

38:5

أَجَعَلَ ٱلْءَالِهَةَ إِلَٰهًۭا وَٰحِدًا ۖ إِنَّ هَٰذَا لَشَىْءٌ عُجَابٌۭ

“කිමෙක්ද! මොහු (අපගේ) දෙවිවරුන් සියල්ල (ප්‍රතික්ෂේප කර දමා, නැමදුමට යුත්තා) එකම එක දෙවියෙකු බවට පත් කළෙහිද? ඇත්තෙන්ම මෙය එක් පුදුමාකාර කාරණාවකි” (යයි කියා)

38:6

وَٱنطَلَقَ ٱلْمَلَأُ مِنْهُمْ أَنِ ٱمْشُوا۟ وَٱصْبِرُوا۟ عَلَىٰٓ ءَالِهَتِكُمْ ۖ إِنَّ هَٰذَا لَشَىْءٌۭ يُرَادُ

ඔවුන්ගෙන් වූ ප්‍රධානීන් (අනිත් අයට “මොහුගෙන්) ඔබ ඈත් වී යනු. ඔබගේ දෙවිවරුන්ගෙන් ඔබ ස්ථීරව සිටිනු. (ඔබගේ දෙවිවරුන්ව අත්හැර දමන මෙන් පවසන) මෙම කාරණාව නියත වශයෙන්ම (ඔබට එරෙහිව වූ) අදහසක් වන්නේය” යයි (පවසමින්ම) ගියහ.

38:7

مَا سَمِعْنَا بِهَٰذَا فِى ٱلْمِلَّةِ ٱلْءَاخِرَةِ إِنْ هَٰذَآ إِلَّا ٱخْتِلَٰقٌ

“පෙර විසූ සමූහයන්ගෙන්ද, මෙය අපට ආරංචි වී නැත. මෙය (මොහුගේ) නිර්මාණයක්ම මිස, වෙන කිසිවක් නොව”.

38:8

أَءُنزِلَ عَلَيْهِ ٱلذِّكْرُ مِنۢ بَيْنِنَا ۚ بَلْ هُمْ فِى شَكٍّۢ مِّن ذِكْرِى ۖ بَل لَّمَّا يَذُوقُوا۟ عَذَابِ

“අපගෙන් මොහුගේ නාමයෙන් (පමණක්)ද (ධර්ම) ඔවදන් පහළ කරනු ලැබුවේ?” යයිද (පැවසූහ). එසේ නොව. ඇත්තෙන්ම මොවුන් මගේ (ධර්මයෙහි) මතක් කිරීම ගැනම ඉමහත් වූ සැකයෙහි සිටින්නාහ. එසේය! මේ දක්වා ඔවුන් (මගේ) දඬුවම විඳ බැලූවේම නැත.

38:9

أَمْ عِندَهُمْ خَزَآئِنُ رَحْمَةِ رَبِّكَ ٱلْعَزِيزِ ٱلْوَهَّابِ

(ධර්මෝපදේශයන් තමන් වෙත පහළ කළ යුතුය යයි මොවුන් පැවසීමට, සියල්ලන්ට) වඩා ඉමහත් වූ විශාල දානපතියා වන ඔබගේ දෙවියන්ගේ වරප්‍රසාදයන්ගෙන් පිරි නිධන් ඔවුන් වෙතම ඇත්තේද?

38:10

أَمْ لَهُم مُّلْكُ ٱلسَّمَٰوَٰتِ وَٱلْأَرْضِ وَمَا بَيْنَهُمَا ۖ فَلْيَرْتَقُوا۟ فِى ٱلْأَسْبَٰبِ

නැතහොත් අහස්හිද, භූමියෙහිද, මේවායේ මධ්‍යයෙහි ඇති දැයෙහිද රාජ්‍යය ඔවුන්ගේද? එසේ නම්, (දෙවියන් සමග යුද්ධ කිරීම සඳහා) ඔවුන් ඉනිමං තබා ඉහළට නැගිය යුතුය.

38:11

جُندٌۭ مَّا هُنَالِكَ مَهْزُومٌۭ مِّنَ ٱلْأَحْزَابِ

මෙහි ඇති (මොවුන්ගේ) මිතුරු හමුදාවන් (විශාල සංඛ්‍යාවකින් වුවද, අන් අය මෙන්) පරාජය කරනු ලැබූ සමුහයක් බවටම පත් වන්නාහ.

38:12

كَذَّبَتْ قَبْلَهُمْ قَوْمُ نُوحٍۢ وَعَادٌۭ وَفِرْعَوْنُ ذُو ٱلْأَوْتَادِ

(මේ අන්දමටම) මොවුන්ට පෙර විසූ නූහුගේ ජනතාවද, ආද්ගේ ජනතාවද, (ආඩම්බරකාර) සේනාධිපති ෆිර්අව්න් ද, (අපගේ දූතයින්ව) බොරුකාරයින් කළහ.

38:13

وَثَمُودُ وَقَوْمُ لُوطٍۢ وَأَصْحَٰبُ لْـَٔيْكَةِ ۚ أُو۟لَٰٓئِكَ ٱلْأَحْزَابُ

(ඒ අන්දමටම) සමූද් ද, ලුත්ගේ ජනතාවද, (මදියාන්)වාසීන්ද, (බොරුකාරයින් කළහ). මොවුන්ම (පරාජය කරනු ලැබූ) එම සමූහයන්ය.

38:14

إِن كُلٌّ إِلَّا كَذَّبَ ٱلرُّسُلَ فَحَقَّ عِقَابِ

මොවුන් සියල්ලන්ම (අපගේ) දූතයින්ව බොරුකාරයින් නොකර සිටියේ නැත. (එබැවින් ඔවුන්ට මගේ) දඬුවම නියම වී ගියේය.

38:15

وَمَا يَنظُرُ هَٰٓؤُلَآءِ إِلَّا صَيْحَةًۭ وَٰحِدَةًۭ مَّا لَهَا مِن فَوَاقٍۢ

එබැවින් (අරාබිවරුන් වන) මොවුන්ද (තමන්ව විනාශ කර දැමිය හැකි) එකම එක ශබ්දයක් මිස, (වෙන කිසිවක්) බලාපොරොත්තු වූයේ නැත. එය පැමිණීමෙහි පමාවක්ද නොවනු ඇත.

38:16

وَقَالُوا۟ رَبَّنَا عَجِّل لَّنَا قِطَّنَا قَبْلَ يَوْمِ ٱلْحِسَابِ

“(ප්‍රශ්න) ගණනය කරන දින පැමිණීමට පෙරම, අපගේ දෙවියනේ! අපගේ (දඬුවමේ) කොටස අපට ලබා දී නිරාකරණය කර හරිනු!” යයි මොවුන් (සමච්චලයෙන්) විමසන්නාහ.

38:17

ٱصْبِرْ عَلَىٰ مَا يَقُولُونَ وَٱذْكُرْ عَبْدَنَا دَاوُۥدَ ذَا ٱلْأَيْدِ ۖ إِنَّهُۥٓ أَوَّابٌ

(නබියේ!) මොවුන් පවසන දැය ගැන ඉවසිල්ලෙන් යුතුව විඳ දරාගෙන සිටිනු. තවද ඉතාමත් ශක්තිවන්තයෙකු වන අපගේ වහලා දාවූද්ව සිතා බලනු. නියත වශයෙන්ම ඔහු (කුමන අමාරුකමකදී වුවද, අප) දෙසටම හැරී සිටියේය.

38:18

إِنَّا سَخَّرْنَا ٱلْجِبَالَ مَعَهُۥ يُسَبِّحْنَ بِٱلْعَشِىِّ وَٱلْإِشْرَاقِ

නියත වශයෙන්ම අපි ඔහුට කඳු වසඟ කර දී තිබුනෙමු. උදේ සවස ඒවා ඔහු සමග එක්කාසු වී දික්ර් කිරීම (දෝංකාර) කරමින් සිටියහ.

38:19

وَٱلطَّيْرَ مَحْشُورَةًۭ ۖ كُلٌّۭ لَّهُۥٓ أَوَّابٌۭ

තවද (දෙවියන්ව සුවිශුද්ධ කරමින් ගායනා කිරීමෙහි) ඔහුව වටකර ගත් පක්ෂීන්වද, (ඔහුට වසඟ කර දුන්නෙමු).

38:20

وَشَدَدْنَا مُلْكَهُۥ وَءَاتَيْنَٰهُ ٱلْحِكْمَةَ وَفَصْلَ ٱلْخِطَابِ

ඒවා සියල්ල (ඔහු සමග දෙවියන්ව සුවි ශුද්ධ කරමින් ගායනා කිරීමට) ඔහු දෙසම බැලූවේය. ඔහුගේ රාජ්‍ය පාලනය අපි ශක්තිමත් කර, ඔහුට ඥානයද, ආරවුල් විසඳීමේ ශක්තියද ලබා දුන්නෙමු.

38:21

۞ وَهَلْ أَتَىٰكَ نَبَؤُا۟ ٱلْخَصْمِ إِذْ تَسَوَّرُوا۟ ٱلْمِحْرَابَ

(නබියේ!) එම ආරවුල්කරුවන්ගේ පුවත ඔබට ලැබී ඇත්තේද? (ඔහු නමදිමින් සිටි) මඩමේ ඇති කාමරයේ බිත්තිය ඔවුන් පසු කර (පැමිණ);

38:22

إِذْ دَخَلُوا۟ عَلَىٰ دَاوُۥدَ فَفَزِعَ مِنْهُمْ ۖ قَالُوا۟ لَا تَخَفْ ۖ خَصْمَانِ بَغَىٰ بَعْضُنَا عَلَىٰ بَعْضٍۢ فَٱحْكُم بَيْنَنَا بِٱلْحَقِّ وَلَا تُشْطِطْ وَٱهْدِنَآ إِلَىٰ سَوَآءِ ٱلصِّرَٰطِ

දාවූද් වෙත ඇතුළු වූ විට, ඔහු ඔවුන් ගැන (බිය වී) තිගැස්සුනේය. එයට ඔහු “(ඕ දාවූද්!) ඔබ බිය නොවනු. (අප දෙදෙනාම) එක පක්ෂයේ මිනිසුන්ය. අපගෙන් කෙනෙකු අනිත් කෙනා කෙරෙහි අපරාධයක් කර ඇත්තේය. අප අතරේ ඔබ සාධාරණ ලෙස තීන්දුවක් දෙනු. (එහි) වැරැද්දක් ඇති නොකරනු. අපව ඍජු මාර්ගයෙහි ඇතුළු කරනු”.

38:23

إِنَّ هَٰذَآ أَخِى لَهُۥ تِسْعٌۭ وَتِسْعُونَ نَعْجَةًۭ وَلِىَ نَعْجَةٌۭ وَٰحِدَةٌۭ فَقَالَ أَكْفِلْنِيهَا وَعَزَّنِى فِى ٱلْخِطَابِ

“නියත වශයෙන්ම මොහු මගේ සහෝදරයෙකි. ඔහු අත එළුවන් අනූ නව දෙනෙකු සිටින්නේය. මා වෙත එකම එක එළුවෙකු සිටින්නේය. (එසේ තිබියදී) ඔහු එයද (තමන්ට) ලබා දිය යුතුය යයි කියමින් තර්ක විතර්ක කර මගෙන් ජය අත් කර ගත්තේය” යයි පැවසුවේය.

38:24

قَالَ لَقَدْ ظَلَمَكَ بِسُؤَالِ نَعْجَتِكَ إِلَىٰ نِعَاجِهِۦ ۖ وَإِنَّ كَثِيرًۭا مِّنَ ٱلْخُلَطَآءِ لَيَبْغِى بَعْضُهُمْ عَلَىٰ بَعْضٍ إِلَّا ٱلَّذِينَ ءَامَنُوا۟ وَعَمِلُوا۟ ٱلصَّٰلِحَٰتِ وَقَلِيلٌۭ مَّا هُمْ ۗ وَظَنَّ دَاوُۥدُ أَنَّمَا فَتَنَّٰهُ فَٱسْتَغْفَرَ رَبَّهُۥ وَخَرَّ رَاكِعًۭا وَأَنَابَ ۩

(එයට) දාවූද් “ඔබගේ එළුවා ඔහු තමන්ගේ එළුවන් සමග එක්කාසු කර හරින මෙන් ඉල්ලා සිටීම, නියත වශයෙන්ම ඔහු ඔබ කෙරෙහි කරන අපරාධයකි. නියත වශයෙන්ම යහළුවන්ගෙන් වැඩි දෙනෙකු ඔවුන්ගෙන් කෙනෙකු අනිත් කෙනාට වංචා කරන්නාහ. විශ්වාසය තැබූ දැහැමි ක්‍රියාවන් කරන අය හැර. (විශ්වාසවන්තයින් එසේ කරන්නේ නැත. වංචා නොකරන) මෙවැන්නන් ඉතාමත් අල්පයකි” යයි පැවසුවේය. (මේ අතර) දාවූද් වන ඔහු, නියත වශයෙන්ම අපිම ඔහුව පිරික්සුමට ලක් කර හැරියෙමු යයි සිතා, තම දෙවියන් වෙත (තමන්ගේ වැරැද්දට) සමාව දෙන මෙන් ඉල්ලා, නැවී බිම වැටී (සුජූද් කර නැමද, තම දෙවියන්ගෙන්) ප්‍රාර්ථනා කළේය.

38:25

فَغَفَرْنَا لَهُۥ ذَٰلِكَ ۖ وَإِنَّ لَهُۥ عِندَنَا لَزُلْفَىٰ وَحُسْنَ مَـَٔابٍۢ

එබැවින් (සාධාරණය ඉල්ලා පැමිණි අය විසින්, තම නැමදුමෙහි යම් වැරැද්දක් සිදු වී, තමන් වැරැද්දක් කළාය යයි) එය (ඔහු අදහස් කිරීම ගැන) අපි සමාව දුන්නෙමු. නියත වශයෙන්ම ඔහුට අපගේ සන්නිධානයෙහි (ඉතාමත්) සමීපස්ත (උසස්) පදවියද, අලංකාරවත් වාසස්ථානද ඇත.

38:26

يَٰدَاوُۥدُ إِنَّا جَعَلْنَٰكَ خَلِيفَةًۭ فِى ٱلْأَرْضِ فَٱحْكُم بَيْنَ ٱلنَّاسِ بِٱلْحَقِّ وَلَا تَتَّبِعِ ٱلْهَوَىٰ فَيُضِلَّكَ عَن سَبِيلِ ٱللَّهِ ۚ إِنَّ ٱلَّذِينَ يَضِلُّونَ عَن سَبِيلِ ٱللَّهِ لَهُمْ عَذَابٌۭ شَدِيدٌۢ بِمَا نَسُوا۟ يَوْمَ ٱلْحِسَابِ

(එබැවින් අපි ඔහුට) “ඕ දාවූද්! නියත වශයෙන්ම අපි ඔබව භූමියෙහි (අපගේ) නියෝජිතයා වශයෙන් පත් කළෙමු. එබැවින් ඔබ මිනිසුන් අතරේ සාධාරණ වශයෙන් තීන්දු ලබා දෙනු. මනසෙහි වූ ආශාවන් අනුගමනය නොකරනු. (අනුගමනය කළහොත් එය) ඔබව අල්ලාහ්ගේ මාර්ගයෙන් වැරද යාමට සැලැස්වෙනු ඇත. නියත වශයෙන්ම කවුරුන් අල්ලාහ්ගේ මාර්ගයෙන් වැරද යන්නෝද, ඔවුන් (ප්‍රශ්න) ගණනය කරන දින අමතක වීමේ හේතුවෙන් ඔවුන්ට නියත වශයෙන්ම දරුණු දඬුවම් ඇත” (යයි කීවෙමු).

38:27

وَمَا خَلَقْنَا ٱلسَّمَآءَ وَٱلْأَرْضَ وَمَا بَيْنَهُمَا بَٰطِلًۭا ۚ ذَٰلِكَ ظَنُّ ٱلَّذِينَ كَفَرُوا۟ ۚ فَوَيْلٌۭ لِّلَّذِينَ كَفَرُوا۟ مِنَ ٱلنَّارِ

අහස්ද, භූමියද, මේවා මධ්‍යයෙහි ඇති දැයද, නිකරුණේ අපි උත්පාදනය කළේ නැත. මෙය (නිකරුණේ යන්න) ප්‍රතික්ෂේප කරන්නන්ගේ සිතුවිල්ලකි. ප්‍රතික්ෂේප කරන මොවුන්ට විනාශයයි. මොවුන්ට (නිරා) ගින්නම ලැඛෙනු ඇත.

38:28

أَمْ نَجْعَلُ ٱلَّذِينَ ءَامَنُوا۟ وَعَمِلُوا۟ ٱلصَّٰلِحَٰتِ كَٱلْمُفْسِدِينَ فِى ٱلْأَرْضِ أَمْ نَجْعَلُ ٱلْمُتَّقِينَ كَٱلْفُجَّارِ

විශ්වාසය තබා දැහැමි ක්‍රියාවන් කරන්නන්ව භූමියෙහි නපුර කරන්නන් මෙන් අපි පත් කරන්නෙමුද? නැතහොත් භය භක්තිකයින්ව (බිය නොවී වැරදි කරන) පාපතරයන් මෙන් අපි පත් කරන්නෙමුද?

38:29

كِتَٰبٌ أَنزَلْنَٰهُ إِلَيْكَ مُبَٰرَكٌۭ لِّيَدَّبَّرُوٓا۟ ءَايَٰتِهِۦ وَلِيَتَذَكَّرَ أُو۟لُوا۟ ٱلْأَلْبَٰبِ

(නබියේ!) ඔවුන් මෙහි ආයාවන් අවධානය කර පරිශීලනය කිරීම සඳහාද, (එමගින්) බුද්ධිමතුන් හොඳ වැටහීමක් ලබා ගැනීම සඳහාද, ඉතාමත් භාග්‍යය ලත් මෙම ධර්මය අපිම ඔබ කෙරෙහි පහළ කළෙමු.

38:30

وَوَهَبْنَا لِدَاوُۥدَ سُلَيْمَٰنَ ۚ نِعْمَ ٱلْعَبْدُ ۖ إِنَّهُۥٓ أَوَّابٌ

දාවූද්ට, සුලෙයිමාන්ව (පුතෙකු වශයෙන්) අපි ලබා දුන්නෙමු. (ඔහු) ඉතාමත් හොඳ වහලෙකි. ඇත්තෙන්ම ඔහු (සෑම කාරණාවකදීම අපවම) බලා සිටියේය.

38:31

إِذْ عُرِضَ عَلَيْهِ بِٱلْعَشِىِّ ٱلصَّٰفِنَٰتُ ٱلْجِيَادُ

(යුද්ධය සඳහා පිළියෙල කර තිබුනු) උසස් අශ්වයින් (දිනක්) සැන්දෑ කාලයේදී, ඔහු ඉදිරියට ගෙන එනු ලැබූ අවස්ථාවේදී, (ඒවා දෙසම බලා සිටීම නිසා සූර්යයා අස්ථමයට ගොස් ඔහුගේ නැමදුම් කාලය වැරදී ගියේය. එයට ඔහු):

38:32

فَقَالَ إِنِّىٓ أَحْبَبْتُ حُبَّ ٱلْخَيْرِ عَن ذِكْرِ رَبِّى حَتَّىٰ تَوَارَتْ بِٱلْحِجَابِ

“නියත වශයෙන්ම මා (සූර්යයා) තිරය තුළ සැඟවී යන තුරු මගේ දෙවියන්ව මතක් කිරිමෙන් මෙම හොඳ වස්තූන් මත අධික වශයෙන් ආදරය තැබුවෙමි”-

38:33

رُدُّوهَا عَلَىَّ ۖ فَطَفِقَ مَسْحًۢا بِٱلسُّوقِ وَٱلْأَعْنَاقِ

යයි පවසා, “මා වෙත ඒවා රැගෙන එනු” පසුව ඒවායේ පසු පාදයන්ද, ඛෙල්ලද, (අත්වලින්) පිරි මදිමින් සිටියේය.

38:34

وَلَقَدْ فَتَنَّا سُلَيْمَٰنَ وَأَلْقَيْنَا عَلَىٰ كُرْسِيِّهِۦ جَسَدًۭا ثُمَّ أَنَابَ

නියත වශයෙන්ම අපි සුලෙයිමාන්ව (වෙනත් ආකාරයකටද) පිරික්සුමට ලක් කර, ඔහුගේ සිංහාසනයෙහි එක් අත් පා නැති මළ සිරුරක් වීසි කළෙමු. එවෙලේම ඔහු (අප දෙසට) හැරුනේය.

38:35

قَالَ رَبِّ ٱغْفِرْ لِى وَهَبْ لِى مُلْكًۭا لَّا يَنۢبَغِى لِأَحَدٍۢ مِّنۢ بَعْدِىٓ ۖ إِنَّكَ أَنتَ ٱلْوَهَّابُ

එබැවින් ඔහු “මගේ දෙවියනේ! මගේ වැරදිවලට සමාව දෙනු (මැනව!) මගෙන් පසු කිසිවෙකුත් අත් කර ගත නොහැකි එක් රාජ්‍යයක් මා හට ඔබ පහළ කරනු (මැනව!) නියත වශයෙන්ම ඔබම ඉමහත් දානපතියා” යයි ප්‍රාර්ථනා කළේය.

38:36

فَسَخَّرْنَا لَهُ ٱلرِّيحَ تَجْرِى بِأَمْرِهِۦ رُخَآءً حَيْثُ أَصَابَ

එබැවින් (ඔහු කැමති වූ රාජ්‍යය ලබා දී) සුළඟද ඔහුට වසඟ කර දුන්නෙමු. එය ඔහුගේ නියෝගයට අනුව ඔහු යා යුතු සෑම තැනකටම ඉතාමත් ලෙහෙසියෙන්ම (ඔහුව උසුලාගෙන) යමින් තිබුණි.

38:37

وَٱلشَّيَٰطِينَ كُلَّ بَنَّآءٍۢ وَغَوَّاصٍۢ

තවද ෂෙයිතාන්වරුන්ගෙන් වූ පිළිම අඹන්නන්, මුතු කිමිදෙන්නන් ආදී සියල්ලන්වද -

38:38

وَءَاخَرِينَ مُقَرَّنِينَ فِى ٱلْأَصْفَادِ

දම්වැල් වලින් එකට බැඳ තිබුනු වෙනත් බොහොමයක් දෙනාවද, (අපි ඔහුට වසඟ කර දී තිබුණෙමු).

38:39

هَٰذَا عَطَآؤُنَا فَٱمْنُنْ أَوْ أَمْسِكْ بِغَيْرِ حِسَابٍۢ

(පසුව ඔහුට) “මේවා සියල්ල අපගේ වරප්‍රසාදයන් වන්නේය. එබැවින් (මේවා දානමාන වශයෙන් දී) ස්තූති කරනු. නැතහොත් (ඒවා ඔබ වෙතම) රඳවා තබා ගනු. (එය ඔබගේ කැමැත්තට අනුව ඇති කාරණාවකි. ඔබ දුන්නෙහිද, නැද්ද යන්න ඔබගෙන්) ගණන් හිලව් විමසනු ලබන්නේ නැත” (යයිද)

38:40

وَإِنَّ لَهُۥ عِندَنَا لَزُلْفَىٰ وَحُسْنَ مَـَٔابٍۢ

නියත වශයෙන්ම ඔහුට අපගේ සන්නිධානයෙහි (ඉතාමත්) සමීපස්ත (උසස්) පදවීන්ද, අලංකාරවත් වාසස්ථානද ඇත.

38:41

وَٱذْكُرْ عَبْدَنَآ أَيُّوبَ إِذْ نَادَىٰ رَبَّهُۥٓ أَنِّى مَسَّنِىَ ٱلشَّيْطَٰنُ بِنُصْبٍۢ وَعَذَابٍ

(නබියේ!) අපගේ වහලා අයියූබ් ව සිතා බලනු. ඔහු තම දෙවියන්ව ආරාධනා කර (ප්‍රාර්ථනා කළ) අවස්ථාවේදී “නියත වශයෙන්ම මා හට ෂෙයිතාන් දුක් කරදර හා වේදනාව ගෙන දුන්නේය” (යයි පැවසුවේය.

38:42

ٱرْكُضْ بِرِجْلِكَ ۖ هَٰذَا مُغْتَسَلٌۢ بَارِدٌۭ وَشَرَابٌۭ

(එයට අපි) “ඔබගේ කකුලෙන් (භූමියට) තට්ටු කරනු” (යයි කීවෙමු. ඔහු තට්ටු කළ විට, එහි උල්පතක් ඉකුත් වී ජලය ගලා බසින්නට විය. එවිට ඔහුට) “මෙන්න ශීතවත් නාන තැනක්. (මෙයම ඔබගේ) පානය වන්නේය” (යයි කීවෙමු. එමගින් ඔහුගේ අසනීපයන් සුව වී ගියේය).

38:43

وَوَهَبْنَا لَهُۥٓ أَهْلَهُۥ وَمِثْلَهُم مَّعَهُمْ رَحْمَةًۭ مِّنَّا وَذِكْرَىٰ لِأُو۟لِى ٱلْأَلْبَٰبِ

පසුව අපගේ වරප්‍රසාදයන් වශයෙන්ද, බුද්ධිමතුන් හොඳ වැටහීමක් ලබා ගැනීම සඳහාද, (වෙන් වී තිබුනු) ඔහුගේ පවුලේ උදවියද, ඔහු සමග ඔහු වැනි අයවද ලබා දුන්නෙමු.

38:44

وَخُذْ بِيَدِكَ ضِغْثًۭا فَٱضْرِب بِّهِۦ وَلَا تَحْنَثْ ۗ إِنَّا وَجَدْنَٰهُ صَابِرًۭا ۚ نِّعْمَ ٱلْعَبْدُ ۖ إِنَّهُۥٓ أَوَّابٌۭ

(තණ කොළ) මිටක් අතට ගෙන එමගින් (ඔබගේ බිරිඳට) ගසනු. ඔබ, (ඔබගේ) දරුවන්ව කඩා බිඳ නොදමනු” (යයි කීවෙමු). නියත වශයෙන්ම අපි ඔහුව ඉතාමත් ඉවසිලිවන්තයෙකු වශයෙන්ම දුටුවෙමු. (ඔහු ඉතාමත්) හොඳ වහලෙකි. නියත වශයෙන්ම ඔහු (සෑම කාරණාවකදීම අප දෙස) බලා සිටින්නෙකු වශයෙන්ම සිටියේය.

38:45

وَٱذْكُرْ عِبَٰدَنَآ إِبْرَٰهِيمَ وَإِسْحَٰقَ وَيَعْقُوبَ أُو۟لِى ٱلْأَيْدِى وَٱلْأَبْصَٰرِ

(නබියේ!) බලසම්පන්නකමද, අභ්‍යන්තර මනසෙන් වූ දූරදර්ශීභාවයෙන්ද යුක්තව සිටි අපගේ වහලූන් වන ඉබ්රාහීම්, ඉස්හාක්, යාකූබ්වද සිතා බලනු!

38:46

إِنَّآ أَخْلَصْنَٰهُم بِخَالِصَةٍۢ ذِكْرَى ٱلدَّارِ

අපි ඔවුන්ව විශේෂ (වූ එක් කාරණාවක්) සඳහාද, (පරලොව) නිවස (සෑම විටම) මෙනෙහි කිරීම සඳහාද නියත වශයෙන්ම තෝරා ගත්තෙමු.

38:47

وَإِنَّهُمْ عِندَنَا لَمِنَ ٱلْمُصْطَفَيْنَ ٱلْأَخْيَارِ

නියත වශයෙන්ම ඔවුන් අපගේ සන්නිධානයෙන් තෝරා ගනු ලැබූ හොඳ වහලූන්ගෙන් වූ අය වශයෙන්ම සිටියහ.

38:48

وَٱذْكُرْ إِسْمَٰعِيلَ وَٱلْيَسَعَ وَذَا ٱلْكِفْلِ ۖ وَكُلٌّۭ مِّنَ ٱلْأَخْيَارِ

(නබියේ!) ඉස්මායිල්, අල්යසඋ, දුල්කිෆ්ලි ආදී මොවුන්වද සිතා බලනු. (මොවුන්) සියල්ලන්ම හොඳ වහලූන්ගෙන් වූ අයයි.

38:49

هَٰذَا ذِكْرٌۭ ۚ وَإِنَّ لِلْمُتَّقِينَ لَحُسْنَ مَـَٔابٍۢ

(ඉහත සඳහන්) මේවා සියල්ල (විශ්වාසවන්තයින්ට) හොඳ ඔවදන් වන්නේය. නියත වශයෙන්ම (මෙවැනි) භය භක්තිකයින්ට අලංකාරවත් වාසස්ථානයන් ඇත.

38:50

جَنَّٰتِ عَدْنٍۢ مُّفَتَّحَةًۭ لَّهُمُ ٱلْأَبْوَٰبُ

(එය) ස්ථීරවත් ස්වර්ගයන්හි ඇත්තේය. ඔවුන් වෙනුවෙන් (එවායේ) ෙදාරටු (සෑම වෙලාවෙහිම) විවෘත කරනු ලැබ ඇත්තේය.

38:51

مُتَّكِـِٔينَ فِيهَا يَدْعُونَ فِيهَا بِفَٰكِهَةٍۢ كَثِيرَةٍۢ وَشَرَابٍۢ

එහි (ඇති කොට්ට මත) හාන්සි වී සිටිමින්ම බොහෝ පලතුරු වර්ගද, (මිහිරි) පානයන්ද ඉල්ලා (ගෙන අනුභව කරමින්ද, පානය) කරමින්ද සිටින්නාහ.

38:52

۞ وَعِندَهُمْ قَٰصِرَٰتُ ٱلطَّرْفِ أَتْرَابٌ

ඔවුන් වෙත පහතට බැල්ම හෙළමින් සිටින සම වයසේ කන්‍යාවන් බොහොමයක්ද සිටිනු ඇත.

38:53

هَٰذَا مَا تُوعَدُونَ لِيَوْمِ ٱلْحِسَابِ

(ඔවුන්ව ප්‍රශ්න) ගණනය කරන දිනදී ඔබට (ලබා දෙනවා යයි) පොරොන්දු දෙනු ලැබූ දැය මේවාය.

38:54

إِنَّ هَٰذَا لَرِزْقُنَا مَا لَهُۥ مِن نَّفَادٍ

නියත වශයෙන්ම මේවා අපගේ වරප්‍රසාදයන් වන්නේය. මෙයට අවසානයක්ම නැත” (යයි කියනු ලැබේ).

38:55

هَٰذَا ۚ وَإِنَّ لِلطَّٰغِينَ لَشَرَّ مَـَٔابٍۢ

මෙයයි (හොඳ අයගේ අවසානය). නමුත් නියත වශයෙන්ම නපුරු අයට ඉතාමත් නපුරු රැෙඳන ස්ථානයක් (බලාපොරොත්තුවෙන්) ඇත්තේය.

38:56

جَهَنَّمَ يَصْلَوْنَهَا فَبِئْسَ ٱلْمِهَادُ

(එය) නිරයයි. එහි ඔවුන් ඇතුළු වනු ඇත. (එය) රැෙඳන ස්ථානයන්ගෙන් ඉතාමත් නපුරුය. එයයි (නපුරු අයගේ අවසානය).

38:57

هَٰذَا فَلْيَذُوقُوهُ حَمِيمٌۭ وَغَسَّاقٌۭ

එබැවින් උතුරන සැරව මිශ්‍ර (ලෝදිය) ඔවුන් රස බලත්වා!

38:58

وَءَاخَرُ مِن شَكْلِهِۦٓ أَزْوَٰجٌ

මෙවැනි (දුකෙන් පිරි) විවිධ වර්ගයේ වෙනත් දඬුවම්ද ඇත.

38:59

هَٰذَا فَوْجٌۭ مُّقْتَحِمٌۭ مَّعَكُمْ ۖ لَا مَرْحَبًۢا بِهِمْ ۚ إِنَّهُمْ صَالُوا۟ ٱلنَّارِ

(මොවුන්ගේ ප්‍රධානීන්ට) “මෙම සමුහයද ඔබ සමග (නිරයෙහි) තල්ලූ කර දමනු ලබන්නාහ” (යයි කියනු ලැබේ.

38:60

قَالُوا۟ بَلْ أَنتُمْ لَا مَرْحَبًۢا بِكُمْ ۖ أَنتُمْ قَدَّمْتُمُوهُ لَنَا ۖ فَبِئْسَ ٱلْقَرَارُ

(එයට ඔවුන්) “මෙය ඔවුන්ට ශුභ ගමනක් නොවනු ඇත. නියත වශයෙන්ම මොවුන් නිරයට යන්නන්ය!” (යයි පවසන්නාහ). එයට ඔවුන් (එම ප්‍රධානීන් පසුපසින් පැමිණ ඔවුන්ට “අපට) නොව. ඔබටයි ශුභ ගමනක් නොවන්නේ. ඔබයි අපට මෙය සොයා දුන්නේ. (එබැවින් අප දෙපාර්ශවයේම) රැෙඳන ස්ථානය ඉතාමත් නපුරුය” යයි පවසන්නාහ.

38:61

قَالُوا۟ رَبَّنَا مَن قَدَّمَ لَنَا هَٰذَا فَزِدْهُ عَذَابًۭا ضِعْفًۭا فِى ٱلنَّارِ

තවද “අපගේ දෙවියනේ! කවුරුන් මෙය අපට සොයා තැබුවේද, ඔහුට නිරයෙහි දඬුවම දෙගුණයකින් වැඩි කරනු” යයි ප්‍රාර්ථනා කරනු ඇත.

38:62

وَقَالُوا۟ مَا لَنَا لَا نَرَىٰ رِجَالًۭا كُنَّا نَعُدُّهُم مِّنَ ٱلْأَشْرَارِ

තවද “ඉතාමත් නපුරු මිනිසුන් යයි (ලොවෙහි) අදහස් කරමින් සිටියෙමු නොවෙද; ඇයි ඔවුන්ව (නිරයෙහි) දක්නට නැත්තේ?” යයි කෙනෙකු කෙනෙකුගෙන් විමසනු ඇත.

38:63

أَتَّخَذْنَٰهُمْ سِخْرِيًّا أَمْ زَاغَتْ عَنْهُمُ ٱلْأَبْصَٰرُ

අපි ඔවුන්ව සමච්චල් කරමින් සිටියෙමු නොවෙද; (ඔවුන් මෙහි සිටියදී) ඔවුන්ව නොදැක සිටින සේ අපගේ ඇස් දුර්වල වී ගියේදෝ!” (යයිද පවසනු ඇත).

38:64

إِنَّ ذَٰلِكَ لَحَقٌّۭ تَخَاصُمُ أَهْلِ ٱلنَّارِ

මෙසේ නිරාවාසීන් තර්ක කරමින් සිටීම නියතයි යන්න සත්‍යයකි.

38:65

قُلْ إِنَّمَآ أَنَا۠ مُنذِرٌۭ ۖ وَمَا مِنْ إِلَٰهٍ إِلَّا ٱللَّهُ ٱلْوَٰحِدُ ٱلْقَهَّارُ

(නබියේ!) ඔබ මෙසේ පවසනු: “නියත වශයෙන්ම මා (ඔබට මේ ගැන) බිය ගන්වා අනුතුරු අඟවන්නෙකි. (සියල්ලන්වම) යටහත් පහත් කර පාලනය කරන එකම අල්ලාහ්ව මිස, (නැමදුමට යුතු) වෙන කිසිම හිමියෙකු (ඇත්තේම) නැත.

38:66

رَبُّ ٱلسَّمَٰوَٰتِ وَٱلْأَرْضِ وَمَا بَيْنَهُمَا ٱلْعَزِيزُ ٱلْغَفَّٰرُ

(ඔහුම) අහස් හා භූමිය ආදී මේවාටද, මේවා අතර ඇති දැය (සියල්ලට)ද, දෙවියන්ය. (සියල්ලට) බලසම්පන්න-යෙකු හා ඉතාමත් ක්ෂමාවන්තයෙකි”.

38:67

قُلْ هُوَ نَبَؤٌا۟ عَظِيمٌ

(නබියේ! තවද) ඔබ මෙසේ පවසනු: “(ඔබට මා ගෙනහැර දක්වන) මෙය ඉතාමත් උසස් කාරණාවකි.

38:68

أَنتُمْ عَنْهُ مُعْرِضُونَ

(නමුත්) ඔබ නම්, එය ප්‍රතික්ෂේප කරන්නෙහුය”.

38:69

مَا كَانَ لِىَ مِنْ عِلْمٍۭ بِٱلْمَلَإِ ٱلْأَعْلَىٰٓ إِذْ يَخْتَصِمُونَ

“(දෙවියන් ආදම්ව නිර්මාණය කළ අවස්ථාවේදී) ඉහළ අය (වන මලායිකාවරුන් තමන් තුළ) තර්ක කර ගත් දැය කිසිවක් මා දන්නේ නැත.

38:70

إِن يُوحَىٰٓ إِلَىَّ إِلَّآ أَنَّمَآ أَنَا۠ نَذِيرٌۭ مُّبِينٌ

මා හට වහී මගින් දැනුම් දෙන ලද දැය නම්, නියත වශයෙන්ම මා ප්‍රසිද්ධියේ බිය ගන්වා අනතුරු අඟවන්නෙකි යන්නය” (යයි පවසනු මැනව!)

38:71

إِذْ قَالَ رَبُّكَ لِلْمَلَٰٓئِكَةِ إِنِّى خَٰلِقٌۢ بَشَرًۭا مِّن طِينٍۢ

ඔබගේ දෙවියන් මලායිකාවරුන්ට “මා මිනිසාව කිරි මැටියෙන් නිර්මාණය කරන්නට යන්නෙමි” යයි පැවසූ අවස්ථාවේදී

38:72

فَإِذَا سَوَّيْتُهُۥ وَنَفَخْتُ فِيهِ مِن رُّوحِى فَقَعُوا۟ لَهُۥ سَٰجِدِينَ

“මා ඔහුව නිර්මාණය කර, ඔහු තුළට (මා උත්පාදනය කළ) මගේ පණද ඇතුළු කළහොත්, ඔහුට ඔබ සුජූද් කරනු” (යයිද පැවසුවේය).

38:73

فَسَجَدَ ٱلْمَلَٰٓئِكَةُ كُلُّهُمْ أَجْمَعُونَ

ඒ අවස්ථාවේදී මලායිකාවරුන් සියල්ලන්ම සුජූද් කළහ.

38:74

إِلَّآ إِبْلِيسَ ٱسْتَكْبَرَ وَكَانَ مِنَ ٱلْكَٰفِرِينَ

ඉබ්ලීස් හැර. ඔහු උඞඟූ වී (අපගේ නියෝගය) ප්‍රතික්ෂේප කරන්නන්ගෙන් කෙනෙකු බවට පත් වූවේය.

38:75

قَالَ يَٰٓإِبْلِيسُ مَا مَنَعَكَ أَن تَسْجُدَ لِمَا خَلَقْتُ بِيَدَىَّ ۖ أَسْتَكْبَرْتَ أَمْ كُنتَ مِنَ ٱلْعَالِينَ

(එයට දෙවියන්) “ඕ ඉබ්ලීස්! මම ම මගේ අත්වලින් කළ දැයට ඔබ සුජූද් නොකර සිටීමට ඔබව වළක්වා හැරියේ කුමක්ද? උඞඟූ වී ගියෙහිද? නැතහොත් ඔබ උසස් පදවීන්ගෙන් යුත් අයගෙන් (කෙනෙකු) බවට පත් වූවෙහිද?”යි කීවේය.

38:76

قَالَ أَنَا۠ خَيْرٌۭ مِّنْهُ ۖ خَلَقْتَنِى مِن نَّارٍۢ وَخَلَقْتَهُۥ مِن طِينٍۢ

එයට ඔහු “ඔහුට වඩා මම ම උසස් කෙනෙකි. මාව ඔබම ගින්දරෙන් උත්පාදනය කළෙහිය. ඔහුව (ලැජ්ජාවකි) කිරි මැටියෙන් උත්පාදනය කළෙහිය” යයි කීවේය.

38:77

قَالَ فَٱخْرُجْ مِنْهَا فَإِنَّكَ رَجِيمٌۭ

(එයට දෙවියන් “එසේ නම්), ඔබ මෙතැනින් පිටමං වනු. නියත වශයෙන්ම ඔබ එළවනු ලැබූවෙහිය.

38:78

وَإِنَّ عَلَيْكَ لَعْنَتِىٓ إِلَىٰ يَوْمِ ٱلدِّينِ

විනිශ්චය දින දක්වා මගේ ශාපය ඔබ කෙරෙහි නියත වශයෙන්ම ස්ථීරව තිඛෙනු ඇත”.

38:79

قَالَ رَبِّ فَأَنظِرْنِىٓ إِلَىٰ يَوْمِ يُبْعَثُونَ

එයට ඔහු “මගේ දෙවියනේ! (මරණයට පත් වූවන්) නැගිට්ටවනු ලබන දින දක්වා ඔබ මට කාල අවකාශයක් දෙනු” යයි කීවේය.

38:80

قَالَ فَإِنَّكَ مِنَ ٱلْمُنظَرِينَ

එයට දෙවියන් “නියත වශයෙන්ම ඔබට කාල අවකාශය දෙනු ලැබීය.

38:81

إِلَىٰ يَوْمِ ٱلْوَقْتِ ٱلْمَعْلُومِ

නියමිත කාලයේ දින දක්වා (ඔබගේ වාරයයි)” යයි පැවසුවේය.

38:82

قَالَ فَبِعِزَّتِكَ لَأُغْوِيَنَّهُمْ أَجْمَعِينَ

එයට ඔහු “ඔබගේ ශ්‍රේෂ්ඨත්වය මත සත්තකින්ම! මා (මිනිසුන් වන) ඔවුන් සියල්ලන්වම මාර්ගය වැරද යාමට සලස්වන්නෙමි.

38:83

إِلَّا عِبَادَكَ مِنْهُمُ ٱلْمُخْلَصِينَ

(එහෙත්) ඔවුන්ගෙන් පරිශුද්ධ මනසින් යුත් ඔබගේ වහලූන් හැර” යයි කීවේය.

38:84

قَالَ فَٱلْحَقُّ وَٱلْحَقَّ أَقُولُ

එයට දෙවියන් “එය සත්‍යයයි! මා පවසන සත්‍යය කුමක්දයත්,

38:85

لَأَمْلَأَنَّ جَهَنَّمَ مِنكَ وَمِمَّن تَبِعَكَ مِنْهُمْ أَجْمَعِينَ

නියත වශයෙන්ම ඔබවත්, ඔවුන්ගෙන් ඔබව අනුගමනය කරන සියල්ලන් මගින් නිරය පුරවන්නෙමි” යයි කීවේය.

38:86

قُلْ مَآ أَسْـَٔلُكُمْ عَلَيْهِ مِنْ أَجْرٍۢ وَمَآ أَنَا۠ مِنَ ٱلْمُتَكَلِّفِينَ

(එබැවින් නබියේ!) ඔබ මෙසේ පවසනු: (මිනිසුනේ!) මෙයට (මෙම ධර්මය සමුදීරණය කර පෙන්වීම සඳහා) මා ඔබ වෙත කිසිම කුලියක් ඉල්ලූවේ නැත. තවද (ඔබ නොඉසිළිය යුතු යම්කිසි බරක් ඔබ මත) පටවන්නන්ගෙන් කෙනෙකු බවට මා නැත.

38:87

إِنْ هُوَ إِلَّا ذِكْرٌۭ لِّلْعَٰلَمِينَ

ලොව සියල්ලටම මෙය එක් හොඳ ඔවදනක් මිස, වෙන කිසිවක් නොව.

38:88

وَلَتَعْلَمُنَّ نَبَأَهُۥ بَعْدَ حِينٍۭ

නියත වශයෙන්ම ටික කලකට පසු ඔබ මෙහි සත්‍යය නියත වශයෙන්ම දැන ගන්නෙහුය.

39:1

تَنزِيلُ ٱلْكِتَٰبِ مِنَ ٱللَّهِ ٱلْعَزِيزِ ٱلْحَكِيمِ

අල්ලාහ් විසින්ම මෙම ධර්මය පහළ කරනු ලැබ ඇත්තේය. (ඔහු සියල්ලන්ට) බලසම්පන්නයෙකු හා (සියල්ල දන්නා) ඥානවන්තයෙකු වශයෙන් සිටින්නේය.

39:2

إِنَّآ أَنزَلْنَآ إِلَيْكَ ٱلْكِتَٰبَ بِٱلْحَقِّ فَٱعْبُدِ ٱللَّهَ مُخْلِصًۭا لَّهُ ٱلدِّينَ

(නබියේ!) නියත වශයෙන්ම සම්පූර්ණයෙන් සත්‍යයෙන් පිරි මෙම ධර්මය අපිම ඔබ වෙත පහළ කර ඇත්තෙමු. එබැවින් ඔබ සම්පුර්ණයෙන් පරිශුද්ධ වූ මනසින් යුතුව අල්ලාහ්ව නමදිමින් සිටිනු. නැමදුම් පිළිවෙත් ඔහුටම අයත්ය.

39:3

أَلَا لِلَّهِ ٱلدِّينُ ٱلْخَالِصُ ۚ وَٱلَّذِينَ ٱتَّخَذُوا۟ مِن دُونِهِۦٓ أَوْلِيَآءَ مَا نَعْبُدُهُمْ إِلَّا لِيُقَرِّبُونَآ إِلَى ٱللَّهِ زُلْفَىٰٓ إِنَّ ٱللَّهَ يَحْكُمُ بَيْنَهُمْ فِى مَا هُمْ فِيهِ يَخْتَلِفُونَ ۗ إِنَّ ٱللَّهَ لَا يَهْدِى مَنْ هُوَ كَٰذِبٌۭ كَفَّارٌۭ

පරිශුද්ධ වූ නැමදුම් පිළිවෙත් අල්ලාහ්ටම අයත්ය යන්න දැන ගනු මැනව! කවුරුන් අල්ලාහ් නොවන දැය (තමන්ට) ආරක්ෂකයින් වශයෙන් ගන්නෝද, ඔවුන් “එම දෙවිවරුන් අපව අල්ලාහ්ට ඉතාමත් සමීප කර තැබීම සඳහාම මිස, මේවාට අපි නැමදුවේ නැත” (යයි පවසන්නාහ). ඔවුන් භේද බින්න වී (තර්ක) කරමින් සිටින මෙම කාරණාව ගැන නියත වශයෙන්ම අල්ලාහ් (විනිශ්චය දිනදී) ඔවුන් අතරේ තීන්දුවක් දෙනු ඇත. (සත්‍යය) ප්‍රතික්ෂේප කර, බොරු ගොතා පවසන්නන්ව නියත වශයෙන්ම අල්ලාහ් ඍජු මාර්ගයෙහි ඇතුළු කරන්නේ නැත.

39:4

لَّوْ أَرَادَ ٱللَّهُ أَن يَتَّخِذَ وَلَدًۭا لَّٱصْطَفَىٰ مِمَّا يَخْلُقُ مَا يَشَآءُ ۚ سُبْحَٰنَهُۥ ۖ هُوَ ٱللَّهُ ٱلْوَٰحِدُ ٱلْقَهَّارُ

අල්ලාහ් දරුවන් ඇර ගත යුතුය යයි අදහස් කර තිබුණේ නම්, ඔහු උත්පාදනය කළ දැයෙන් ඔහු කැමති (උසස්) දැයම තෝරා ගන්නට තිබුනි. (එහෙත් මෙවැනි කාරණාවන්ගෙන්) ඔහු ඉතාමත් පරිශුද්ධවන්තයෙකි. ඔහුම (සියල්ලන්වම) යටහත් පහත් කර පාලනය කරන එකම එක්කෙනෙකු වන අල්ලාහ්ය.

39:5

خَلَقَ ٱلسَّمَٰوَٰتِ وَٱلْأَرْضَ بِٱلْحَقِّ ۖ يُكَوِّرُ ٱلَّيْلَ عَلَى ٱلنَّهَارِ وَيُكَوِّرُ ٱلنَّهَارَ عَلَى ٱلَّيْلِ ۖ وَسَخَّرَ ٱلشَّمْسَ وَٱلْقَمَرَ ۖ كُلٌّۭ يَجْرِى لِأَجَلٍۢ مُّسَمًّى ۗ أَلَا هُوَ ٱلْعَزِيزُ ٱلْغَفَّٰرُ

ඔහු අහස්ද, භූමියද, නියමිත කාරණාවන් සමග නිර්මාණය කර ඇත්තේය. (නිකරුණේ නොව). ඔහුම රාත්‍රිය හකුළා දහවල (දිග හරින්නේය). තවද ඔහුම දහවල හකුළා රාත්‍රිය (දිග හරින්නේය). සූර්යයාද, චන්ද්‍රයාද, තමන් තුළ යටත් කර තබා ඇත්තේය. මේවා සෑම දැයක්ම (එය, එයට නියමිත සීමාව තුළ) නියමිත කාලයකට අනුව ගමන් කරන්නේය. (නබියේ! ඔබ) දැන ගනු, ඔහු (සියල්ලන්ටම) බලසම්පන්නයෙකු හා ඉතාමත් ක්ෂමාකරන්නෙකු වශයෙන් සිටින්නේය.

39:6

خَلَقَكُم مِّن نَّفْسٍۢ وَٰحِدَةٍۢ ثُمَّ جَعَلَ مِنْهَا زَوْجَهَا وَأَنزَلَ لَكُم مِّنَ ٱلْأَنْعَٰمِ ثَمَٰنِيَةَ أَزْوَٰجٍۢ ۚ يَخْلُقُكُمْ فِى بُطُونِ أُمَّهَٰتِكُمْ خَلْقًۭا مِّنۢ بَعْدِ خَلْقٍۢ فِى ظُلُمَٰتٍۢ ثَلَٰثٍۢ ۚ ذَٰلِكُمُ ٱللَّهُ رَبُّكُمْ لَهُ ٱلْمُلْكُ ۖ لَآ إِلَٰهَ إِلَّا هُوَ ۖ فَأَنَّىٰ تُصْرَفُونَ

ඔහු ඔබව (ආරම්භයේදී) එකම මිනිසෙකුගෙන් නිර්මාණය (කර) තිබුණි. පසුව ඔහුගෙන් ඔහුගේ බිරිඳව නිර්මාණය කළේය. (ඒ දෙදෙනාගෙන්, ඔබව පිරිමි, ගැහැනු වශයෙන් උත්පාදනය කරන්නේය). තවද (ඔබගේ යහපතටම) සතුන් අට වර්ගයක් ජෝඩු ජෝඩු වශයෙන් පහළ කර ඇත්තේය. ඔබගේ මව්වරුන්ගේ කුසෙහි එකකට පසු එකක් වශයෙන් අඳුරු වහන්තරාවන් තුනක් තුළ තබා ඔබව උත්පාදනය කරන්නේය. මෙම අල්ලාහ්ම ඔබගේ දෙවියන්ය. සියලූ රාජ්‍යයන් ඔහුටම අයත් දැයයි. ඔහු හැර, වෙන දෙවියෙකු නැත. එබැවින් (ඔහුව අත්හැර දමා) ඔබ කොහේ නම් (යන්නට) හැරෙන්නෙහුද?

39:7

إِن تَكْفُرُوا۟ فَإِنَّ ٱللَّهَ غَنِىٌّ عَنكُمْ ۖ وَلَا يَرْضَىٰ لِعِبَادِهِ ٱلْكُفْرَ ۖ وَإِن تَشْكُرُوا۟ يَرْضَهُ لَكُمْ ۗ وَلَا تَزِرُ وَازِرَةٌۭ وِزْرَ أُخْرَىٰ ۗ ثُمَّ إِلَىٰ رَبِّكُم مَّرْجِعُكُمْ فَيُنَبِّئُكُم بِمَا كُنتُمْ تَعْمَلُونَ ۚ إِنَّهُۥ عَلِيمٌۢ بِذَاتِ ٱلصُّدُورِ

(ඔහුව) ඔබ ප්‍රතික්ෂේප කර දැමුවද, (ඔහුට කිසි පාඩුවක් නැත. මන්දයත්) නියත වශයෙන්ම අල්ලාහ් ඔබගේ අවශ්‍යතාවයක් නොමැත්තෙකු වශයෙන් සිටින්නේය. එහෙත් තම වහලූන් (තමන්ව) ප්‍රතික්ෂේප කිරීම ඔහු කැමති වන්නේ නැත. ඔබ (ඔහුට) කෘතඥ වන්නෙහු නම්, ඔබ ගැන ඔහු තෘප්තියට පත් වන්නේය. කෙනෙකුගේ (පාපයන්හි) බර වෙනත් කෙනෙකු උසුළන්නට නොහැක. මින් පසු ඔබ යා යුත්තේ ඔබගේ දෙවියන් වෙතය. ඒ අවස්ථාවේදී ඔබ කරමින් සිටි දැය ඔහු ඔබට දැනුම් දෙනු ඇත. හෘදයන්හි ඇති දැයද නියත වශයෙන්ම ඔහු හොඳින් දන්නේය.

39:8

۞ وَإِذَا مَسَّ ٱلْإِنسَٰنَ ضُرٌّۭ دَعَا رَبَّهُۥ مُنِيبًا إِلَيْهِ ثُمَّ إِذَا خَوَّلَهُۥ نِعْمَةًۭ مِّنْهُ نَسِىَ مَا كَانَ يَدْعُوٓا۟ إِلَيْهِ مِن قَبْلُ وَجَعَلَ لِلَّهِ أَندَادًۭا لِّيُضِلَّ عَن سَبِيلِهِۦ ۚ قُلْ تَمَتَّعْ بِكُفْرِكَ قَلِيلًا ۖ إِنَّكَ مِنْ أَصْحَٰبِ ٱلنَّارِ

මිනිසාට යම්කිසි විපතක් ඇති වන විට, සම්පූර්ණයෙන්ම තම දෙවියන් දෙසම බලා ප්‍රාර්ථනා කරමින්ම සිටින්නේය. නමුත් දෙවියන් තමන්ගේ යම්කිසි වරප්‍රසාදයක් පහළ කරන විට, මීට පෙර ඔහු කුමක් ප්‍රාර්ථනා කරමින් සිටියේද, එය අමතක කර දමා, අල්ලාහ්ට (බොරු දෙවිවරුන්ව) සමානයන් කර, (අන් අයවද) ඔහුගේ මාර්ගයෙන් වැරද යාමට සලස්වන්නේය. (නබියේ! ඔවුන්ට) ඔබ මෙසේ පවසනු: “ඔබ, (ඔබගේ) ප්‍රතික්ෂේපයේම ටික කලක් සුවය විඳිනු. (අවසානයේදී) නියත වශයෙන්ම ඔබ නිරාවාසීන්ගෙන්ම සිටින්නෙහුය”.

39:9

أَمَّنْ هُوَ قَٰنِتٌ ءَانَآءَ ٱلَّيْلِ سَاجِدًۭا وَقَآئِمًۭا يَحْذَرُ ٱلْءَاخِرَةَ وَيَرْجُوا۟ رَحْمَةَ رَبِّهِۦ ۗ قُلْ هَلْ يَسْتَوِى ٱلَّذِينَ يَعْلَمُونَ وَٱلَّذِينَ لَا يَعْلَمُونَ ۗ إِنَّمَا يَتَذَكَّرُ أُو۟لُوا۟ ٱلْأَلْبَٰبِ

කවුරුන් පරලොව ගැන බිය වී තම දෙවියන්ගේ දයාව බලාපොරොත්තුවෙන් රාත්‍රී කාලයන්හි සිට ගන්නන් වශයෙන්ද, නළල බිම තබා සුජූද් කරන්නන් වශයෙන්ද, (අල්ලාහ්ව) නමදිමින් සිටින්නේද, (ඔහු විශ්වාසය නොතබා, ප්‍රතික්ෂේප කරන්නෙකු මෙන් වන්නේද? නබියේ!) ඔබ මෙසේ පවසනු: දැනුවත් අයද, නොදැනුවත් අයද සමාන අය වන්නෙහුද? (මෙම කුර්ආනය මගින්) හොඳ ඔවදන් ලබා ගන්නා සියල්ලන්ම (අධ්‍යාපන) දැනුමෙන් යුතු අයයි.

39:10

قُلْ يَٰعِبَادِ ٱلَّذِينَ ءَامَنُوا۟ ٱتَّقُوا۟ رَبَّكُمْ ۚ لِلَّذِينَ أَحْسَنُوا۟ فِى هَٰذِهِ ٱلدُّنْيَا حَسَنَةٌۭ ۗ وَأَرْضُ ٱللَّهِ وَٰسِعَةٌ ۗ إِنَّمَا يُوَفَّى ٱلصَّٰبِرُونَ أَجْرَهُم بِغَيْرِ حِسَابٍۢ

(නබියේ!) ඔබ මෙසේ පවසනු: “විශ්වාසය තැබූ (හොඳ) වහලූනි! ඔබගේ දෙවියන්ට ඔබ බිය වී කටයුතු කරනු. මෙලොවදී පින් කරන්නන්ට හොඳක්ම ලැඛෙන්නේය. අල්ලාහ්ගේ භූමිය ඉතාමත් විශාලය. ඉවසිලිවන්තයින් තමන්ගේ ඵලවිපාක අප්‍රමාණව (අධික වශයෙන්ම) ලබා ගනු ඇත.

39:11

قُلْ إِنِّىٓ أُمِرْتُ أَنْ أَعْبُدَ ٱللَّهَ مُخْلِصًۭا لَّهُ ٱلدِّينَ

(තවද නබියේ! අපි පවසන්නේ යයි) ඔබ මෙසේ පවසනු: “සම්පුර්ණයෙන්ම කළවම් නොවුන මනසින් යුතුව අල්ලාහ්වම නමදින මෙන් නියත වශයෙන්ම මා අණ කරනු ලැබ ඇත්තෙමි. (මන්දයත්) නැමදුම් පිළිවෙත් (සියල්ල) ඔහුටම අයත්ය.

39:12

وَأُمِرْتُ لِأَنْ أَكُونَ أَوَّلَ ٱلْمُسْلِمِينَ

“තවද (ඔහුට) සම්පූර්ණයෙන්ම අවනත වන්නන්ගෙන් පළමුවැන්නා වශයෙන් සිටින මෙන්ද මා අණ කරනු ලැබ ඇත්තෙමි” (යයිද පවසනු මැනව! පසුවද)

39:13

قُلْ إِنِّىٓ أَخَافُ إِنْ عَصَيْتُ رَبِّى عَذَابَ يَوْمٍ عَظِيمٍۢ

ඔබ මෙසේ පවසනු: “මගේ දෙවියන්ට මා වෙනස්කමක් කළහොත් ඉමහත් වූ දිනයේ දඬුවමට නියත වශයෙන්ම මා බිය වන්නෙමි”.

39:14

قُلِ ٱللَّهَ أَعْبُدُ مُخْلِصًۭا لَّهُۥ دِينِى

(තවද) ඔබ මෙසේ පවසනු: “සම්පූර්ණයෙන්ම කළවම් නොවුන මනසින් යුතුව අල්ලාහ්වම මා නමදින්නෙමි. (මන්දයත්) මගේ නැමදුම ඔහුටම අයත්ය.

39:15

فَٱعْبُدُوا۟ مَا شِئْتُم مِّن دُونِهِۦ ۗ قُلْ إِنَّ ٱلْخَٰسِرِينَ ٱلَّذِينَ خَسِرُوٓا۟ أَنفُسَهُمْ وَأَهْلِيهِمْ يَوْمَ ٱلْقِيَٰمَةِ ۗ أَلَا ذَٰلِكَ هُوَ ٱلْخُسْرَانُ ٱلْمُبِينُ

නමුත් ඔබ ඔහු හැර කැමති අයව නමදිමින් සිටිනු. (එයට අයත් දඬුවම අත් කර ගන්නෙහුය”. නබියේ!) ඔබ මෙසේද පවසනු: “ඇත්තෙන්ම පාඩුව විඳි අය කවුරුන්දයත් (දෙවියන්ට වෙනස්කම් කර) තමන්ටත්, තමන්ගේ පවුලටත් විනිශ්චය දිනදී පාඩුව ඇති කර ගත් අයයි. මෙය පැහැදිලි පාඩුවකැයි යන්න දැන ගනු!

39:16

لَهُم مِّن فَوْقِهِمْ ظُلَلٌۭ مِّنَ ٱلنَّارِ وَمِن تَحْتِهِمْ ظُلَلٌۭ ۚ ذَٰلِكَ يُخَوِّفُ ٱللَّهُ بِهِۦ عِبَادَهُۥ ۚ يَٰعِبَادِ فَٱتَّقُونِ

(විනිශ්චය දිනදී) මොවුන්ගේ (හිසට) උඩින්ද ගින්න වට කර ගනු ඇත. මොවුන්ගේ (පාදයන්හි) යටින්ද (ගින්න) වට කර ගනු ඇත. මේ අන්දමටම මෙමගින් අල්ලාහ් තම වහලූන්ට බිය ගන්වන්නේය. මගේ වහලූනි! මටම ඔබ බිය වනු”.

39:17

وَٱلَّذِينَ ٱجْتَنَبُوا۟ ٱلطَّٰغُوتَ أَن يَعْبُدُوهَا وَأَنَابُوٓا۟ إِلَى ٱللَّهِ لَهُمُ ٱلْبُشْرَىٰ ۚ فَبَشِّرْ عِبَادِ

(එබැවින්) “කවුරුන් පිළිරූ නොනැමද, ඒවායෙන් ඈත් වී සම්පුර්ණයෙන්ම අල්ලාහ් දෙසටම හැරී සිටින්නෝද, ඔවුන්ටම සුභාරංචි වන්නේය. එබැවින් (නබියේ!) ඔබ (අපගේ එම හොඳ) වහලූන්ට සුභාරංචි පවසනු (මැනව!)

39:18

ٱلَّذِينَ يَسْتَمِعُونَ ٱلْقَوْلَ فَيَتَّبِعُونَ أَحْسَنَهُۥٓ ۚ أُو۟لَٰٓئِكَ ٱلَّذِينَ هَدَىٰهُمُ ٱللَّهُ ۖ وَأُو۟لَٰٓئِكَ هُمْ أُو۟لُوا۟ ٱلْأَلْبَٰبِ

ඔවුන් (කෙබඳු අයදයත්, අපගේ) ආයාවන්ට සවන් දී එහි ඇති හොඳ දැය අනුගමනය කරමින් කටයුතු කරන්නාහ. නියත වශයෙන්ම අල්ලාහ් ඍජු මාර්ගයෙහි ඇතුළු කරන්නේ මෙවැන්නන්ය. මොවුන්ම (ඇත්තෙන්ම) බුද්ධිමත් අයද වන්නාහ.

39:19

أَفَمَنْ حَقَّ عَلَيْهِ كَلِمَةُ ٱلْعَذَابِ أَفَأَنتَ تُنقِذُ مَن فِى ٱلنَّارِ

(නබියේ!) කවුරුන් කෙරෙහි දඬුවම ගැනවූ පොරොන්දුව සත්‍යය වූවේද, (ඔහු අනිවාර්යයෙන්ම නිරයට යනු ඇත. නිරා) ගින්නෙහි සිටින ඔහුව ඔබ බේරා හරින්නෙහිද?

39:20

لَٰكِنِ ٱلَّذِينَ ٱتَّقَوْا۟ رَبَّهُمْ لَهُمْ غُرَفٌۭ مِّن فَوْقِهَا غُرَفٌۭ مَّبْنِيَّةٌۭ تَجْرِى مِن تَحْتِهَا ٱلْأَنْهَٰرُ ۖ وَعْدَ ٱللَّهِ ۖ لَا يُخْلِفُ ٱللَّهُ ٱلْمِيعَادَ

නමුත් කවුරුන් තමන්ගේ දෙවියන්ට බිය වී කටයුතු කරන්නෝද, ඔවුන්ට (ස්වර්ගයෙහි) තට්ටු පිට තට්ටු වශයෙන් ඇති ඉහළ මහලයන්ගෙන් (යුත් මාලිගාවන්) ඇත. ඒවායෙහි දිය දහරා සදාකල් ගලමින් ඇත. (මෙයම) අල්ලාහ්ගේ පොරොන්දුවකි. අල්ලාහ් (තමන්ගේ) පොරොන්දුවෙන් වෙනස් වන්නේ නැත.

39:21

أَلَمْ تَرَ أَنَّ ٱللَّهَ أَنزَلَ مِنَ ٱلسَّمَآءِ مَآءًۭ فَسَلَكَهُۥ يَنَٰبِيعَ فِى ٱلْأَرْضِ ثُمَّ يُخْرِجُ بِهِۦ زَرْعًۭا مُّخْتَلِفًا أَلْوَٰنُهُۥ ثُمَّ يَهِيجُ فَتَرَىٰهُ مُصْفَرًّۭا ثُمَّ يَجْعَلُهُۥ حُطَٰمًا ۚ إِنَّ فِى ذَٰلِكَ لَذِكْرَىٰ لِأُو۟لِى ٱلْأَلْبَٰبِ

(නබියේ!) “ඔබ බැලූවේ නැද්ද? නියත වශයෙන්ම අල්ලාහ්ම වලාකුළෙන් වර්ෂාව වැසීමට සලස්වා, එය භූමියෙහි උල්පත් බවට පත් කර, ගලන්නට සලස්වන්නේය. පසුව එමගින් විවිධ වර්ණයන්ගෙන් යුත් (විවිධ වර්ගයේ) භෝග ඔහු ඉකුත් කරන්නේය. පසුව (කරල්) පැසී, ඒවා කහ පැහැ වී තිඛෙණු දකින්නෙහිය. පසුව එය (වියළී) පිදුරු බවට පත් වන්නේය. නියත වශයෙන්ම මෙහි බුද්ධිමතුන්ට හොඳ පාඩමක් ඇත්තේය.

39:22

أَفَمَن شَرَحَ ٱللَّهُ صَدْرَهُۥ لِلْإِسْلَٰمِ فَهُوَ عَلَىٰ نُورٍۢ مِّن رَّبِّهِۦ ۚ فَوَيْلٌۭ لِّلْقَٰسِيَةِ قُلُوبُهُم مِّن ذِكْرِ ٱللَّهِ ۚ أُو۟لَٰٓئِكَ فِى ضَلَٰلٍۢ مُّبِينٍ

කවුරුන්ගේ හෘදය ඉස්ලාමය වැළඳ ගැනීමට අල්ලාහ් විස්තීරණය කර ඇත්තේද, ඔහු (එමගින්) තම දෙවියන්ගේ ආලෝකයෙහි සිටින්නේය. අල්ලාහ්ව මතක් කිරීමෙන් ඈත් වී කවුරුන්ගේ හෘදයන් දැඩි බවට පත් වූවේද, ඔවුන්ට විනාශයයි. මෙවැන්නන් ප්‍රකට දුර්මාර්ගයෙහිම සිටින්නාහ.

39:23

ٱللَّهُ نَزَّلَ أَحْسَنَ ٱلْحَدِيثِ كِتَٰبًۭا مُّتَشَٰبِهًۭا مَّثَانِىَ تَقْشَعِرُّ مِنْهُ جُلُودُ ٱلَّذِينَ يَخْشَوْنَ رَبَّهُمْ ثُمَّ تَلِينُ جُلُودُهُمْ وَقُلُوبُهُمْ إِلَىٰ ذِكْرِ ٱللَّهِ ۚ ذَٰلِكَ هُدَى ٱللَّهِ يَهْدِى بِهِۦ مَن يَشَآءُ ۚ وَمَن يُضْلِلِ ٱللَّهُ فَمَا لَهُۥ مِنْ هَادٍ

අල්ලාහ් ඉතාමත් අලංකාරවත් පුවත්ම (මෙම) ධර්මයෙහි පහළ කර ඇත්තේය. (මෙහි ඇති ආයාවන් එකකට එකක් පටහැනි නොවී) එකක් තවත් එකක් මගින් බැඳී (තිඛෙන අතර මනසෙහි ධාරණය වනු පිණිස එකම කාරණාව) නැවත නැවතත් (විවිධ ආකාරයට) පවසනු ලැබ ඇත්තේය. කවුරුන් තමන්ගේ දෙවියන්ට බිය වන්නෝද, (ඔවුන් එය ඇසූ සැණින්) ඔවුන්ගේ රෝම කූප පොපියන්නේය. පසුව ඔවුන්ගේ සම් හා හෘදයන්ද අල්ලාහ්ගේ සිතුවිල්ලෙහිම මෘදු වන්නේය. මෙයම අල්ලාහ්ගේ ඍජු මාර්ගය වන්නේය. තමන් කැමති අයව ඔහු මෙමගින් ඍජු මාර්ගයෙහි ඇතුළු කරන්නේය. කවුරුන්ව අල්ලාහ් දුර්මාර්ගයෙහි අත්හැර දමන්නේද, ඔහුව ඍජු මාර්ගයෙහි ඇතුළු කළ හැකි කිසිවෙකුත් නැත.

39:24

أَفَمَن يَتَّقِى بِوَجْهِهِۦ سُوٓءَ ٱلْعَذَابِ يَوْمَ ٱلْقِيَٰمَةِ ۚ وَقِيلَ لِلظَّٰلِمِينَ ذُوقُوا۟ مَا كُنتُمْ تَكْسِبُونَ

කවුරුන් විනිශ්චය දිනදී දරුණු දඬුවම තම මුහුණෙන් හෝ වළක්වා ගැනීමට ප්‍රයත්න දරන්නේද, ඔහු (ස්වර්ගවාසීන්ට සම වන්නේද?) අපරාධකාරයින්ට “ඔබ සොයා ගත් (නපුරු) විපත් විඳ බලනු” යයිම කියනු ලැබේ.

39:25

كَذَّبَ ٱلَّذِينَ مِن قَبْلِهِمْ فَأَتَىٰهُمُ ٱلْعَذَابُ مِنْ حَيْثُ لَا يَشْعُرُونَ

(මෙසේම) මොවුන්ට පෙර සිටි අයද (අපගේ ආයාවන්) බොරු කරන්නාහ. එබැවින් (දඬුවම පැමිණේවි යයි) ඔවුන් (පොඩියක් හෝ) වටහා නොගත් අන්දමින් දඬුවම ඔවුන් වෙත පැමිණ සේන්දු විය.

39:26

فَأَذَاقَهُمُ ٱللَّهُ ٱلْخِزْىَ فِى ٱلْحَيَوٰةِ ٱلدُّنْيَا ۖ وَلَعَذَابُ ٱلْءَاخِرَةِ أَكْبَرُ ۚ لَوْ كَانُوا۟ يَعْلَمُونَ

මෙලොව ජීවිතයේදීද අවමානය ඔවුන් විඳින සේ අල්ලාහ් සැලැස්සුවේය. ඔවුන් දැන සිටියේ නම් පරලොව ඇති දඬුවම නම්, අති විශාල (යන්න දැන සිටින්නෙහුය!)

39:27

وَلَقَدْ ضَرَبْنَا لِلنَّاسِ فِى هَٰذَا ٱلْقُرْءَانِ مِن كُلِّ مَثَلٍۢ لَّعَلَّهُمْ يَتَذَكَّرُونَ

නියත වශයෙන්ම මිනිසුන්ට මෙම කුර්ආනයෙහි සියලූ උදාහරණයන්ද අපි පවසා ඇත්තෙමු. (මෙමගින්) ඔවුන් හොඳ වැටහීමක් ලබා ගනු මැනව!

39:28

قُرْءَانًا عَرَبِيًّا غَيْرَ ذِى عِوَجٍۢ لَّعَلَّهُمْ يَتَّقُونَ

තවද (අල්ලාහ්ට) ඔවුන් බිය වනු පිණිස, කිසිම ඇදයක් නැති මෙම කුර්ආනය (පැහැදිලි වූ) අරාබි බසින් (පහළ කර ඇත්තෙමු).

39:29

ضَرَبَ ٱللَّهُ مَثَلًۭا رَّجُلًۭا فِيهِ شُرَكَآءُ مُتَشَٰكِسُونَ وَرَجُلًۭا سَلَمًۭا لِّرَجُلٍ هَلْ يَسْتَوِيَانِ مَثَلًا ۚ ٱلْحَمْدُ لِلَّهِ ۚ بَلْ أَكْثَرُهُمْ لَا يَعْلَمُونَ

අල්ලාහ් එක් උදාහරණයක් පවසන්නේය: මිනිසෙකු හාම්පුතුන් කිහිප දෙනෙකුට (වහලෙකු වශයෙන්) සිට, ඔවුන් (සෑම දෙනෙකුම තමන්ටම ඔහු වැඩ කළ යුතුය යයි) කරදර කරමින් සිටියහ. තවත් මිනිසෙකු (වහලෙකි. නමුත් ඔහු) කෙනෙකුට පමණක් අයිතිය. මේ දෙදෙනා සමාන වන්නෙහුද? (එසේ වන්නේ නැත නොවෙද? මෙතරම් දැයක්වත් ඔබ දැන ගැනිීම ගැන) ප්‍රශංසා සියල්ල අල්ලාහටය (යයි සුවි ශුද්ධ කරමු මැනව! මෙසේම විවිධ දෙවිවරුන්ව නමදින කෙනෙකු, එකම අල්ලාහ්ව නමදින කෙනෙකුට සම වන්නේ නැත). එහෙත් ඔවුන්ගෙන් වැඩි දෙනෙකු (මෙතරම් දැයක්වත්) දැන ගන්නේ නැත.

39:30

إِنَّكَ مَيِّتٌۭ وَإِنَّهُم مَّيِّتُونَ

(නබියේ!) නියත වශයෙන්ම ඔබත් මරණයට පත් විය හැකි අයෙකි. නියත වශයෙන්ම ඔවුන්ද මරණයට පත් විය හැකි අයයි.

39:31

ثُمَّ إِنَّكُمْ يَوْمَ ٱلْقِيَٰمَةِ عِندَ رَبِّكُمْ تَخْتَصِمُونَ

පසුව විනිශ්චය දිනදී (සියල්ලන්ම) ඔබගේ දෙවියන්ගේ සන්නිධානයෙහි නියත වශයෙන්ම (ගෙන එනු ලැබ) ඔබ (සාධාරණය ඉල්ලා ඔබ තුළ) තර්ක කර ගනු ලබන්නෙහුය.